IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට අද පිරිනැමේ

2012 වසරේ නොබෙල් ත්‍යාග ප‍්‍රදානෝත්සවය අද (10) රාති‍්‍රයේ නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදීත් ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් නුවරදීත් පැවැත්වීමට නියමිත අතර මෙවර නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ යුරෝපා සංගමයයි. දශක 6 කට වැඩි කාලයක් පුරා යුරෝපා රටවල සාමය ඇති කිරීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට මෙන්ම මානව හිමිකම් සුරැකීමට කටයුතු කිරීම ආදී කරුණු මුල් කර ගනිමින් යුරෝපා සංගමයට මෙම සම්මානය හිමිවන බව නොබෙල් කමිටුව පවසයි. භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය මෙවර පිරිනැමෙන්නේ සර්ගේ හැරෝෂ් සහ ඬේවිඞ් වින්ලන්ඞ් යන විද්‍යාඥයන් දෙදෙනාටය. රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවන්නේ විද්‍යාඥ රොබට් ජේ. ලෙෆ්ට්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කාටය. වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ ශී‍්‍රමත් ජෝන් බී ගර්ඩන් සහ ෂින්යා යමැන්කාය. සාහිත්‍යයට හිමි නොබෙල් ත්‍යාගය හිමිකර ගැනීමට සමත් වුණේ චීන සාහිත්‍යවේදියකු වන මෝ යැං ය. ආර්ථික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබන්නේ ඇල්වින් රෝත් සහ ලොයිඞ් ෂැප්ලීය. මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමිවීම සුවිශේෂී සිදුවීමකි. රටවල් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය දෙවැනි ලෝක යුද සමයෙන් අනතුරුව 1958දී පිහිටැවූයේ ජර්මනිය, බෙල්ජියම, ප‍්‍රංශය, ඉතාලිය, ලක්ෂම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල සහභාගීත්වයෙනි. යුරෝපා ආර්ථික ප‍්‍රජාව ලෙසින් බිහිවූ මෙම සංවිධානයේ අරමුණු සහ ඉලක්ක පුළුල්වීමත් සමඟ එය 1993 වසරේදී යුරෝපා සංගමය ලෙස නම් කෙරිණි. ආරම්භයේ සිට අද දක්වා මෙම සංගමය මඟින් කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය මෙන්ම ජනතාවගේ ජීවන මට්ටම උසස් තලයකට ගෙන ඒමට සුවිසල් මෙහෙයක් ඉටු කර ඇති අතරම යුරෝපා කලාපයට පොදු මුදල් ඒකකයක් හඳුන්වාදීමට ද කටයුතු කර ඇත. යුරෝපා කලාපයේ රටවල් අතර ආර්ථික මෙන්ම දේශපාලන සබඳතා වඩා ශක්තිමත් මට්ටමකට ගෙන ඒම මෙම සංගමයේ අරමුණයි. ඉකුත් වසර කිහිපය යුරෝපා කලාපයේ ආර්ථික අර්බුද මතු කළ සමයක් විය. ගී‍්‍රසිය, ස්පාඤ්ඤය ඇතුළු කලාපීය රටවල් බොහොමයක් දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති අතර ඊට පිළියම් යෙදීමට යුරෝපා සංගමය උත්සාහ ගනිමින් සිටී. 1901 වසරේ සිට නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් 21 වැනි සංවිධානය වන්නේ ද යුරෝපා සංගමයයි. නොබෙල් සාම ත්‍යාගය සඳහා ස්ටර්ලිං පවුම් 930,000ක මුදලක් ලැබෙන අතර එම මුදල යුද්ධ හා ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වන දරුවන් පිණිස යෙදවීමට තමන් බලාපොරොත්තු වන බව යුරෝපා සංගමය කියා සිටී.



අදහස් (0)

නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට අද පිරිනැමේ

ජනක Monday, 10 December 2012 01:39 PM

කාට හම්බ වෙයිද (දී)

:       0       0

අචිනි Tuesday, 11 December 2012 02:26 PM

අපේ කට්ටියට නම් ලැබෙන්නේ බොරුව,වංචාව වගේ දේවල් වලට. (නි)

:       0       0

පුෂ්ප - ජර්මනිය Tuesday, 11 December 2012 03:31 PM

නොබෙල් තෑග්ගත් දැන්.... අනේ මන්දා... (නි)

:       0       0

සම්පත් Monday, 10 December 2012 04:23 PM

ලංකාවේ කවුරුත් නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site