IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.

ට්‍රම්ප් මෙම විධායක නියෝගයට අත්සන් තැබුවේ, ඇමෙරිකාවේ නාන කාමරවල 'ෂවර් හෙඩ්'  (shower head) සම්බන්ධයෙන් වූ ෆෙඩරල් නීතිවල වෙනසක් කරමින්, 'ෂවර් හෙඩ්' ජල පීඩනය වැඩි කරමිණි.

'මම හරි ආසයි මගේ කාණ්ඩේ ලස්සනට තියා ගන්න. හොඳ වතුර පීඩනයක් නැතිව මට ස්නානය කිරීම ගැටලුවක්. මට පමණක් නොවෙයි, මං දන්නවා හැම ඇමෙරිකානුවන්ට ඒක ගැටලුවක්. ඉතිං නාන්න යද්දී හොඳ ජල පීඩනයක් අවශ්‍යයි. ඉක්මණින් ජලය ලැබීම අවශ්‍යයි.' යැයි පැහැදිලි කරමින් ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙම විධායක නියෝගයට අත්සන් පැවැසීය.

නාන කාමරවලට ලැබෙන ජල පීඩනය අවම කිරීමට නීති සකස් කර තිබෙන්නේ, ට්‍රම්ප්ට පෙර ජනාධිපතිවරුන් ලෙස කටයුතු කළ ඔබාමා සහ බයිඩන් පරිපාලන සමයේදීය. ඒ, ජල සංරක්ෂණ නීති අනුවය. ට්‍රම්ප්ගේ විධායක නියෝගයට අනුව, මෙම ජල සංරක්ෂණ නීති වෙනස් වනු ඇත.

(බීබීසී)



අදහස් (6)

නිදහසේ නාන්න ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්

මැක්ස් Saturday, 12 April 2025 10:36 AM

අපේ වත්මන් ජනපති තුමා ඇතුළු මාලිමා නඩේ දැන් නාන විදිහ බැලුවාම වතුර ප්‍රෙෂර් එක කොච්චර තිබුණත් මදි...!

:       0       0

ravin Saturday, 12 April 2025 11:24 AM

කොහොමත් මෙයා යන විදිහට හොඳ හැටි නාගන්නවා වගේ...

:       0       0

ප්‍රියන්ත Saturday, 12 April 2025 11:35 AM

මෙයින් අප ඉගෙනගත යුත්තේ කෙතරම් ධනවත් රටක් වුවත්, ඔවුන් නාස්තිය අවම කිරීමට දරනා උත්සාහයයි...

:       0       0

හේමක Saturday, 12 April 2025 01:46 PM

යකෝ ඔවුන්ට තියෙන ප්‍රශ්න...

:       0       0

Chathura Liyanage Saturday, 12 April 2025 07:25 PM

පිස්සු නැත්තම් ශෝක්

:       0       0

Nandalal Saturday, 12 April 2025 08:47 PM

ට්‍රම්ප්ගේ ටිකිරි මොළෙට එන්නේ මාර අඳහස් බව පේනවා! එයා ලෝකෙ තියෙන සියලුම ප්‍රශ්න විසඳා ඉවර වෙලා වගේ bathroom ප්‍රශ්නයට ඇත දැම්මේ . ඔය "ප්‍රශ්නෙ" ගැන සොයලා බලන්න විෂය භාර ඇමති කෙනෙක් ඇමරිකාවේ නැද්ද ? අමරිකානුවන්ට අබ සරණයි මේ වගේ ජනපති කෙනෙකු සිටීම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site