නත්තල් සමයේ සෙල්ලම් බඩු වලට ඇති අධික ඉල්ලුම නිසාම ලෝකයේ නත්තල් සෙල්ලම් භාණ්ඩ වලින් සියයට හැත්තෑ පහක්ම නිෂ්පාදනය කරනා චීන කම්හල් සේවකයනට නම් නරක කල දසාවකි. ඒ ඉල්ලූමට සරිලන සැපැයුම දවස පුරාම වැඩෙහි යෙදීමට ඔවුනට සිදුව ඇති බැවිනි. ඔවුන් නින්දට යන්නේත් සෙල්ලම් බඩු මැදිකරගෙන කර්මාන්තශාලාවලමය. චීනයේ ශ්‍රම සූරාකෑම නිරන්තරයෙන් වෙයි. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන නොනවත්වා කරන බලපෑම් නිසා සිය ශ්‍රමිකයන්ට සහන ලබා දීමට චීන රජය මැදිහත් වුවද එය හරියට ක්‍රියාත්මක නොවේ.  චීන කම්කරුවෙකු සතියකට පැය 37 ක් වත් වැඩ කළ යුතුවේ. එසේ වැඩ කළද මාසයේ අවසන ඔවුන් අතට ලැඛෙන්නේ පවුම් 150 ක් (රුපියල් 30450)  වැනි සොච්චම් මුදලකි.