විරෝධතා මැද නේටෝ මහ සමුළුව ඊයේ (20) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ වූ අතර ඊට විරෝධය පෑම සඳහා දහස් ගණන් ජනතාව වීදිවලට පැමිණ විරෝධතා රැලි පැවැත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දෙදිනක් පුරා පැවැත්වෙන නේටෝ සමුළුවට නේටෝ සාමාජික රටවල නියෝජිතවරුන් 50 දෙනකු සහ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ද සහභාගී වෙයි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය සිය ප‍්‍රඥප්තියට පටහැනිව කටයුතු කරමින් දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටිද්දී, යුද සංග‍්‍රාමවල නියැළෙනවා යැයි චෝදනා නඟමින් විරෝධතා රැලි පැවැත්වුණු අතර විරෝධතාකරුවන්ට චිකාගෝ පොලිසියෙන් බාධා එල්ල විය.
විරෝධතා පෙළපාළිවලට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඇමෙරිකානු ජාතිකයන්ට අමතරව විදේශිකයන් පිරිසක් ද ඊට එක්ව සිටි බව වාර්තා විය. කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
විරෝධතා සංවිධානය කර තිබුණේ ඇමෙරිකාවේ මානව කි‍්‍රයාකාරී සංවිධානයි. ඔවුන් එම විරෝධතා සංවිධානය කළේ පසුගිය සතියේ නේටෝ සමුළුව චිකාගෝ නුවර පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමඟය. විරෝධතා සංවිධානය වූයේ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි යොදා ගෙනය.
ඇමෙරිකාවේ තෙවැනි විශාලතම නගරය වන්නේත් ජනපති බැරැුක් ඔබාමාගේ උපන් ගම් ප‍්‍රදේශය වන්නේත් චිකාගෝ නගරයයි. මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මීට පෙර චිකාගෝ නුවර පවත්වා නොමැත.
කඩාකප්පල්කාරී කි‍්‍රයාවලින් සහ කිසිදු බාධාවකින් තොරව සමුළුවේ වැඩ කටයුතු කිරීමට පොලිසියේ සහාය ලැබුණු බව ද වාර්තා වේ. කැරැලි මර්දනය කිරීමේ දක්ෂයන් ලෙස ප‍්‍රසිද්ධියට පත් ව සිටින චිකාගෝ පොලිස් නිලධාරීන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අලූත් මාදිලියේ කැරැලි මර්දන අවි ආයුධ රැසක් ද යොදා ගත් බව වාර්තා විය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd