පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයේ සිටින නේටෝ හමුදා සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන යන ට‍්‍රක් රථ ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවට තලේබාන් සටන්කාමීහු ඊයේ (5) අනතුරු ඇඟවීමක් කළහ.
තලේබාන් සටන්කාමීන් එම අනතුරු ඇඟවීම කළේ පාකිස්තානය හරහා දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයට දිවෙන නේටෝ සැපැයුම් මාර්ග යළි විවෘත කිරීමට පාකිස්තාන රජය පෙරේදා (4) කැමැත්ත පළ කිරීමත් සමඟය.
”පාකිස්තානයේ කොතැනකින් හෝ ඇෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවලට භාණ්ඩ ප‍්‍රවාහනය කරනවා නම් අප එම ට‍්‍රක් රථවලට පහර දෙනවා. ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට පාකිස්තානය හරහා භාණ්ඩ ප‍්‍රවාහනය කරන්න අප කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ” යැයි තලේබාන් සටන්කාමීන් රොයිටර්ස් පුවත් සේවයට ඊ මේල් පණිවුඩයක් එවමින් එම අනතුරු අගවා තිබේ
සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කිරීමට පෙරත් අවස්ථා ගණනාවකදී තලේබාන් සටන්කාමීහු භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථවලට පහර දී විනාශ කළහ.
සැපැයුම් මාර්ග වසා දැමීමට පාකිස්තාන රජය තීරණය කළේ මීට මාස 8 කට පමණ පෙර සිදුවූ සිදුවීමක් මුල්කොට ගනිමිනි. එම සිදුවීම වන්නේ ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා සහ නේටෝ හමුදා ගුවන් ප‍්‍රහාරයකින් ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ මුරපොළක සිටි පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු ඝාතනය වීමයි.
ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව ගෙන යන සටනේදී ඇමෙරිකන් සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ඇෆ්ගනිස්තානයට ගෙන යන්නේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පාකිස්තාන දේශසීමා හරහාය. එම නිසා එම සැපැයුම් මාර්ග විවෘත කිරීම ඉතා වැදගත් වේ.
එම සැපැයුම් මාර්ග පවත්වාගෙන යෑම වෙනුවෙන් ඇමෙරිකා රජය පාකිස්තාන රජයට මුදල් ආධාර ලබා දෙයි. එහෙත් සැපැයුම් මාර්ග වසා දැමීමෙන් පසු එම ආධාර සීමා කිරීමට ද ඇමෙරිකා රජය පියවර ගත්තේය.
ඇමෙරිකාවත් පාකිස්තානයත් අතර ඇයිහොඳයිකම් දිනෙන් දින පළුඳු වීමත් සමඟ පාකිස්තානයේ සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරන්තරයෙන් පාකිස්තාන ජනතාවගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් කෙණෙහිලිකම්වලට ලක් වූ බවය පැමිණිලි එල්ල වන්නට විය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නේටෝ භාණ්ඩ ප‍්‍රවාහන ට‍්‍රක් රථවලට පහර දෙනවා
නිෂාඩ් Monday, 09 July 2012 09:48 AM
ඇමරිකාව කාගෙන් හරි කොහෙන් හරි පාඩමක් ඉගෙන ගනී ඔහොම ගිහින්