IMG-LOGO

2025 අගෝස්තු මස 29 වන සිකුරාදා


නේටෝ බසයට බෝම්බ ප‍්‍රහාරයක්: ඇමෙරිකා සෙබළු 13 ක් මියයති

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (30) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් බසයේ ගමන් කරමින් සිටි ඇමෙරිකන් සෙබළුන් 13 දෙනකු ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙය ඇෆ්ගන් අගනුවරදී නේටෝ සහ ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් එල්ල කළ දරුණුතම ප‍්‍රහාරයක් යැයි ඇමෙරිකාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සෙසු පිරිස ඇෆ්ගන් හමුදා සෙබළුන්ය. තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් වෑන් රථයකින් වේගයෙන් පැමිණ බසයේ හැපී ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. බෝම්බකරු පැමිණි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 700 ක් තිබෙන්න ඇතැයි පිපිරුම සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක් කළ ආරක්ෂක අංශ නිලධාරීහු පවසති. බස්රිය බෝම්බ ප‍්‍රහාරයට හසුවූයේ එය කාබුල් නුවර ඇමෙරිකන් සරසවිය අසලින් ගමන් කරමින් තිබියදීය. එම බස්රිය වෙඩි නොවදින බස්රියක් වූ නමුත් බෝම්බ ප‍්‍රහාරයට හසුවීමෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරය සිදුවෙද්දී මාර්ගය අසල ගමන් කරමින් සිටි ඇෆ්ගන් සිවිල් වැසියන් අට දෙනෙකු, කුඩා දරුවන් සිවුදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බවත් වාර්තා වේ. එම බෝම්බ ප‍්‍රහාරය සිදුවීමට පැය කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදී සිටින  ඕස්ටේ‍්‍රලියානු ජාතික හමුදා සෙබළු තිදෙනෙක් ද තලේබාන් මරාගෙන මැරන බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයකට බිලි වූහ. එම සෙබළුන් තිදෙනා සමඟ සිටි භාෂා පරිවර්තකයා ද ජීවිතක්ෂයට පත්වූ බව ආරක්ෂක අංශ නිවේදනය කරයි.



අදහස් (0)

නේටෝ බසයට බෝම්බ ප‍්‍රහාරයක්: ඇමෙරිකා සෙබළු 13 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 14756 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 447 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 260 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site