රික්ටර් මාපකයේ 6.1 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් නැගෙනහිර රුසියාවේ ප‍්‍රදේශ කීපයක් ඊයේ (24) කැළඹී ගියේය. භූමි කම්පාව හටගත්තේ ඊයේ උදෑසන 11.15 ට පමණය. එහි අපිකේන්ද්‍රය පිහිටන්නේ කමාචට්කා අර්ධද්වීපයේ යැයි ද වාර්තා වේ. කෙසේ නමුත් භූමි කම්පාව හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදුවූ බවක් වාර්තා වී නැත.