වසර ගණනාවකට පෙර කොළොම්බියා ජාතික මනුවෙල් එල්කින් පතාරයෝ මුල්ම මැලේරියා මර්දන එන්නත සොයා ගත් සැණින්ම ඔහු සොයා ආ ජර්මන් ඖෂධ සමාගමක් ඩොලර් අසූ ලක්ෂයකට ( රුපියල් කෝටි 1040 ) ඔහුගෙන් එම එන්නත ඉල්ලා ඇත. එහෙත් මුදලට තම ආත්මය පාවා නොදුන් මෙම උදාර වෛද්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට තමා සොයාගත් එන්නත නොමිලේ දුන්නේය. වැටුපට සරිලන සරිලන සරල ජීවිතයක් ගතකල වෛද්‍ය මනුවෙල් එල්කින්හට රෝහල වෙත යෑම සදහා ඒවනවිටත් තිබුනේ කුඩා යතුරු පැදියකි. ඔහුගේ නම එන්නත වෙනුවෙන් යෙදීමට ලෝක සෙඛ්‍ය සංවිධානය සූදානම් වූවත් එයට වෛද්‍ය සමුවෙල් එකහෙළා විරුද්ධ වූ බව ඉතාලි පදෝවා ගවන් විදුලිය පැවසුවේය. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ප්‍රමාණයක් මරණින් බේරාගත් ඔහු නොපෙණෙන දෙවියෙකු නොව මිහිපිට දෙවියෙකි යි මිනිස්සු කියති. ඔහුගේ සොයා ගැනීම වෙනුවෙන් සම්මාන ලැබුණේද නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට වඩා ලෝත සත්වයා වෙනුවෙන් කල කරුණා ගුනය මිලකල නොහැකියි.(නදී)
අපේ රටේ මහජන මුදලින් ඉගෙනගෙන හැම තත්පරයක්ම මුදලට විකුනන දාස් ගානක් දොස්තර මුදලාලිලා නම් මේක ඒ වෙලවෙම විකුනලා.(නදී)
මෙයාව චැනල් කරන්න බැරිද දන්නේ නැහැ.(නදී)
නියම දෙවි කෙනෙක් වගේ මිනිහෙක්.(නදී)
ඔහුට රාජ්‍ය සම්මානයක් දීම වටී. (නි)
මෙන්න මිනිස්සු. ඒකටත් එක්ක අපේ මිනිස්සු. (නදී)
පිටරට වල එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
හැකිනම් කුමන අයුරින් වංචා කරමින්.. ඖෂධ සමාගම් දුවතී කාසි සොයන්.. සුවපත් කරති අද ලොව දහසක් ලෙඩ්ඩුන්.. උත්තම මිනිස් ගති දක්වන වෛද්‍යවරුන් (නි)