පසුගිය නොවැම්බරයේ පැවැති ජනපතිවරණයෙන් පැහැදිලි ජයක් හිමිකර ගත් ඩිමොක‍්‍රටික් පක්ෂ නායක බැරැක් ඔබාමා ඊයේ (20) ඇමෙරිකා වේලාවෙන් උදෑසන 11.55 ට සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දීමට සූදානමින් සිටියේය.
ධවල මන්දිරය ඉදිරිපිට පැවැත්වීමට සංවිධානය කර තිබුණු දිවුරුම්දීමේ විශේෂ උත්සවයට ලක්ෂ 8 කට වැඩි පිරිසක් සහභාගී වනු ඇතැයි ධවල මන්දිරය ප‍්‍රකාශ කර තිබුණි. ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ද ආරම්භ වී තිබුණි.
දිවුරුම් දීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ අග විනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේය. එම අවස්ථාවට ජනපති ආර්යාව මිෂෙල් ඔබාමා ද සහභාගී වීමට නියමිතය.
2008 වසරේ පැවැති ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කර, පළමු ධුර කාලය වෙනුවෙන් ඔබාමා 2009 වසරේ ජනවාරියේ දිවුරුම් දුන් අවස්ථාවේ ද අග විනිසුරුවරයා ලෙස කටයුතු කළේ ජෝන් රොබට්ස්ය.
2009 වසරේ පැවැති දිවුරුම් දීමේ උළෙලට මිලියන 1.8 ක පිරිසක් සහභාගී වූහ. ඔබාමා එම අවස්ථාවේ දිවුරුම් දුන්නේ ඇමෙරිකා ජනපති පුටුවට ආ පළමු කළු ජාතික ඇමරිකානුවා ලෙසින් වීම ද සුවිශේෂී සිදුවීමක් යැයි දේශපාලන විචාරකයෝ සිහිපත් කරති .
දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙන්නේ අභියෝග රැසක් ද සමඟය. ඔහුට මුහුණ දීමට සිදුවූ අභියෝග අතරින් ප‍්‍රධාන තැනක් ගත්තේ රජයේ ප‍්‍රධාන තනතුරු කීපයක් හිස් වීමය.
ඔබාමා විසින් එම තනතුරු සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාවලට ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් පමණක් නොව ඩිමොක‍්‍රටික් පක්ෂය අභ්‍යන්තරයෙන් ද විරෝධයක් එල්ල විය. ඊට අමතරව ඔබාමා ඉදිරිපත් කළ බදු සැලැසුම් මෙන්ම ගිනි අවි පාලන කෙටුම්පත සම්බන්ධයෙන් ද අර්බුද රැසක් මතු වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවැනි ධුර කාලය සඳහා ඔබාමා දිවුරුම් දෙයි
අබා Wednesday, 23 January 2013 08:05 AM
අපේ සුභ පැතුම් උතුමාණෙනි. (නි)
ෂිරාශ් Monday, 21 January 2013 04:40 PM
තව මොනවා මොනවා කරන්න සැළසුම් කරලාද දන්නෙ නැහැ තියෙන්නේ? (නි)
ගාමිණී Tuesday, 22 January 2013 10:35 PM
ඔන්න අමාරුවේ නම් වැටෙන්න එපා හොදේ. (නි)
ලලිත් - කටාර් Monday, 21 January 2013 06:55 PM
නෝ හාම්! වර්ක් චාම්! ඇක්ට් කාල්ම්! (නි)