IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දලයි ලාමා මරන්න චීන කුමන්ත‍්‍රණයක්

තමා ඝාතනය කිරීමට චීන ඒජන්තවරුන් පිරිසක් කුමන්ත‍්‍රණය කරන බව ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි ලාමා පවසයි. ටිබෙටයෙන් පලාවිත් ඉන්දියාවේ ධර්මශාලා නුවර වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායකතුමන් මේ බව අනාවරණය කළේ බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡුාවකදීය. ‘‘ටිබෙටයේ සිටින අපේ හිතවතුන්ගෙන් මට තොරතුරු ලැබුණා. චීන රජයේ ඒජන්තවරුන් උත්සාහ ගන්නවා ඔවුන්ගේ ඒජන්තවරියන් මාගේ බැතිමතුන් ලෙස වෙස් ගන්වා මා හමු වීමට පැමිණෙන්න සලස්වා මට වස දෙන්න’’ යැයි දලයි ලාමා තුමා පවසයි. එම ඝාතන සැලැස්මට මේ වන විටත් තරුණියන් පිරිසක් ඒජන්තවරුන් ලෙස බඳවා පුහුණුව ලබා දෙන බව ද තමන්ට දැන ගැනීමට හැකි වී ඇතැයි දලයි ලාමාතුමන් වැඩි දුරටත් කියා සිටී. ලාමාතුමන්ගේ ආධාරකරුවන් මේ වන විට හිමාලය කඳු පාමුල පිහිටි ධර්මශාලා නුවර විශේෂ ආරාමයක ලාමතුමන් රැුඳවීමට කටයුතු කර ඇති අතර එතුමන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි ඉන්දීය රජයෙන් ද ඉල්ලීමක් කර තිබේ. චීන රජය සමඟ සාකච්ඡුා පවත්වා සාමකාමී විසඳුමක් ලබා ගැනීමට හැකි වේවි යන්න දලයි ලාමාතුමන්ගේ විශ්වාසයයි. චීනය පවසන්නේ ටිබෙටය ඔවුන්ට අයත් බවය. එහෙත් ටිබෙටය ස්වාධීන රාජ්‍යයක් යැයි පවසමින් ටිබෙට් ජාතිකයෝ නිරන්තරයෙන් චීන රජයට එරෙහි විරෝධතා පවත්වති. චීන රජයේ අඩන්තේට්ටම්වලට විරෝධය පළ කරමින්, ඉන්දියාවට පිටුවහල් වී සිටින ටිබෙට් ජාතිකයන් 30 දෙනකු මේවන විට සිරුරුවලට ගිනි තබාගෙන විරෝධතා පළ කර තිබේ. ඒ අතර ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සිටිති.



අදහස් (0)

දලයි ලාමා මරන්න චීන කුමන්ත‍්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site