
ප්‍රතිකාරවලින් අඩපණ කළ නොහැකි ආකාරයේ දරුණු ලියුකේමියා ලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
මෙම ප්‍රතිකර්මය සිදුවන්නේ වෙනස් කළ ජාන පිළිකා රෝගීන්ගේ සිරුරට ඇතුළු කරමින් යැයි ද වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.
වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔවුන්ගේ මෙම නව ප්‍රතිකර්මය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් එය ලියුකේමියා පිළිකා රෝගීන් තුළ බලාපොරොත්තු දැල්වීමට හේතුවක් වී ඇති බවත්ය.
මෙම නව ප්‍රතිකර්මය අත්හදා බැලීමට තෝරා ගැණුනේ 13 හැවිරිදි ඇලීසා නමැති දැරියයි.
ඇලීසා, ‘ටී සෙල් ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියා’ නමැති දරුණු ලියුකේමියා රෝගියකු බව හඳුනා ගැනීම සිදුවූයේ 2021 දීය.
ඇලීසාගේ පිළිකා රෝගී තත්ත්වය කීමෝ ප්‍රතිකාරවලින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමෙන් හෝ සුව කළ නොහැකි විය.
පසුව ඇය ලන්ඩනයේ ‘ඔර්මන්ඞ් ස්ට්‍රීට්’ ළමා රෝහලට ඇතුළත් කෙරුණි. එහිදී දැරියාගේ මාපියන්ගේ කැමැත්ත පරිදි ඇය අත්හදා බැලීමේ නව ප්‍රතිකාරයට යොමු කෙරුණි.
නව ප්‍රතිකර්මය යටතේ, නිරෝගී තැනැත්තකුගෙන් ලබාගෙන, පසුව පර්යේෂණාගාරයක් තුළ වෙනස් කළ ජාන ඇලීසාගේ සිරුරට ඇතුළු කෙරුණි.
දින 28 ක් යද්දී, පිළිකාව අඩපණ වුණු බවත්, ඉන්පසු ඇට මිදුළු බද්ධ කිරීමක් මගින් ඇලීසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යළි ශක්තිමත් කිරීමට හැකිවුණු බවත් වෛද්‍යවරුන් පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව වර්ගයාගේ යහපැවැත්මට වැඩ කරන ඔබ සියලු දෙනාට පින්...
නියම පුවතක්... බොහොම ස්තුතියි මේවා සොයා දුන්නාට... සියලු දෙනාටම දෙවි පිහිටයි...!
මේ ප්‍රතිකර්මය අතිසයින්ම සාර්ථක වී .රෝගින්ට යහපතක්ම වේවා .
අනේ ඉතාමත් සතුටට පත්වෙන කරුණකි. මේ පරීක්ෂණය හැම ලියුකේමියා රෝගියකුගේම සුවයට උපකාර වේවා...!!! සම්මා සම්බුදු සරණින් සියලුම ලෝක සත්වයෝ හට යහපතක්ම වේවා..!!! දෙවියන්ගේද ආශිර්වාදය ලැබේවා...!!! තෙරුවන් සරණයි.