IMG-LOGO

දරුණු විදියේ ලියුකේමියාව නසන ප්‍රතිකර්මයක්

ප්‍රතිකාරවලින් අඩපණ කළ නොහැකි ආකාරයේ දරුණු ලියුකේමියා ලේ පිළිකා රෝගීන් සුවපත් කිරීමේ නව සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සොයා ගැනීමට මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.

මෙම ප්‍රතිකර්මය සිදුවන්නේ වෙනස් කළ ජාන පිළිකා රෝගීන්ගේ සිරුරට ඇතුළු කරමින් යැයි ද වෛද්‍ය පර්යේෂකයෝ පැහැදිලි කරති.

වෛද්‍ය පර්යේෂකයන් පවසා ඇත්තේ ඔවුන්ගේ මෙම නව ප්‍රතිකර්මය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත් එය ලියුකේමියා පිළිකා රෝගීන් තුළ බලාපොරොත්තු දැල්වීමට හේතුවක් වී ඇති බවත්ය.

මෙම නව ප්‍රතිකර්මය අත්හදා බැලීමට තෝරා ගැණුනේ 13 හැවිරිදි ඇලීසා නමැති දැරියයි.

ඇලීසා, ‘ටී සෙල් ලිම්ෆොබ්ලාස්ටික් ලියුකේමියා’ නමැති දරුණු ලියුකේමියා රෝගියකු බව හඳුනා ගැනීම සිදුවූයේ 2021 දීය.
ඇලීසාගේ පිළිකා රෝගී තත්ත්වය කීමෝ ප්‍රතිකාරවලින් හෝ ඇටමිදුළු බද්ධ කිරීමෙන් හෝ සුව කළ නොහැකි විය.

පසුව ඇය ලන්ඩනයේ ‘ඔර්මන්ඞ් ස්ට්‍රීට්’ ළමා රෝහලට ඇතුළත් කෙරුණි. එහිදී දැරියාගේ මාපියන්ගේ කැමැත්ත පරිදි ඇය අත්හදා බැලීමේ නව ප්‍රතිකාරයට යොමු කෙරුණි.

නව ප්‍රතිකර්මය යටතේ, නිරෝගී තැනැත්තකුගෙන් ලබාගෙන, පසුව පර්යේෂණාගාරයක් තුළ වෙනස් කළ ජාන ඇලීසාගේ සිරුරට ඇතුළු කෙරුණි.

දින 28 ක් යද්දී, පිළිකාව අඩපණ වුණු බවත්, ඉන්පසු ඇට මිදුළු බද්ධ කිරීමක් මගින් ඇලීසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යළි ශක්තිමත් කිරීමට හැකිවුණු බවත් වෛද්‍යවරුන් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

දරුණු විදියේ ලියුකේමියාව නසන ප්‍රතිකර්මයක්

pakeer Monday, 12 December 2022 11:36 AM

මානව වර්ගයාගේ යහපැවැත්මට වැඩ කරන ඔබ සියලු දෙනාට පින්...

:       0       26

sumith Monday, 12 December 2022 01:13 PM

නියම පුවතක්... බොහොම ස්තුතියි මේවා සොයා දුන්නාට... සියලු දෙනාටම දෙවි පිහිටයි...!

:       0       10

විපරමා Monday, 12 December 2022 03:38 PM

මේ ප්‍රතිකර්මය අතිසයින්ම සාර්ථක වී .රෝගින්ට යහපතක්ම වේවා .

:       0       2

පුෂ්පා Monday, 12 December 2022 09:10 PM

අනේ ඉතාමත් සතුටට පත්වෙන කරුණකි. මේ පරීක්ෂණය හැම ලියුකේමියා රෝගියකුගේම සුවයට උපකාර වේවා...!!! සම්මා සම්බුදු සරණින් සියලුම ලෝක සත්වයෝ හට යහපතක්ම වේවා..!!! දෙවියන්ගේද ආශිර්වාදය ලැබේවා...!!! තෙරුවන් සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site