දකුණු අප‍්‍රිකාවේ දැවෙන ගැටලූවක් වන පැල්පත්වාසීන්ට අවශ්‍ය නිවාස සැපයීමට විසදුමක් ලෙස

නවතම නිවාස ක‍්‍රමයක් හදුන්වාදීමට සටෙලෙන්බොස්ක් සරසවියේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

අයිෂැක් නමින් හැදින්වෙන මේ නව නිවාසයක් නිමවා ඇත්තේ ඉතා සරල ලෙසය. නිවසට අවශ්‍ය විදුලිය සැපැයෙන්නේ සූර්ය පැනලයක් ආධාරයෙනි.පර්යේෂකයන් සදහන් කරන ආකාරයට දකුණු අප‍්‍රිකාවේ නාගරිකයන් අතුරින් සියයට හැටදෙකක් පමණ තවමත් ජීවත්වන්නේ  පැල්පත් වලය. ඔවුනට විදුලිය,නළ ජලය ආදී පහසුකම් සිහිනයකි. ඉතා සරලව එහෙත්  සවිමත් ලෙස නිමවා ඇති නව නිවාස මේ ජනයාගේ ජීවන මට්ටම යම් තරමකින් හෝ ඉහළ නැංවීමට උපකාරී වෙතියි පර්යේෂකයෝ මත පළ කරති.

නිවස සාදා ගැනීමට යොදා ගෙන ඇති අමුද්‍රව්‍ය උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින්ද  ලාභදායී හා කල්පැවැත්ම පදනම් කරගෙන තෝරාගෙන ඇත.

මෙවන් නිවාස 100 ක් පමණ නුදුරු අනාගතයේදී ඉදිකිරීමට නියමිතය  වැයවන පිරිවැය දරන්නේ සහන සේවා සංවිධාන වලිනි.