
එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායලයට දන්වා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමකට යන ලෙසය.
එක්සත් ජාතීන්ගේ සංවිධානවල සියලුම ප්‍රධානීන්, මේ අයුරින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම ඉතා දුර්ලභ සිද්ධියක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘ලෝක ආහාර වැඩසටහන’ සංවිධානය පවා දිගින් දිගටම ඊශ්‍රායලයට පවසා ඇත්තේ ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වා මානුෂීය සටන් විරාමයකට යන ලෙසය.
‘දැන් ඇති. තවත් ප්‍රහාර ඕනෑ නෑ. ප්‍රහාරවලින් සිදුවන්නේ පලස්තීන වැසියන් වට කරමින් ඔවුන්ට පහර දෙනවා. පාසල් සහ රෝහල්වලට පහර දෙනවා. නිවාස සහ ගොඩනැගිලිවලට පහර දෙනවා. දේවස්ථානවලට, පල්ලිවලට පහර දෙනවා. බෝම්බ දමනවා. මේ කිසිවක් පිළිගත නොහැකියි’ යැයි ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු කළොත් නැවත පටන් ගන්නවා ෂුවර්. ලංකාවෙන් පාඩම් ඉගෙන ගන්න. දුටුගැමුණුත්, මහින්දත් ඒ වැරැද්ද කළා. දැන් ඉන්න ගොයියා නිසා අපිට ළඟම අනාගතේ අතීතය රිපීට් කරන්න සිද්ධ වෙනවා...!