IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දිගටම ලෝක පොලිස්කාරයා වුණොත් වැඩ වරදියි

ලෝකයේ පොලිස්කාරයා ලෙස හිඳිමින් ඇමෙරිකාව සිදු කරන කි‍්‍රයා නවතා සිය ජනතාවගේ ගැටලූ විසඳීමට යොමුවන ලෙස තලෙයිබාන් සංවිධානය  පෙරේදා(7) දෙවනවර ජනපතිධූරයට තේරී පත්වූ බැරැක් ඔබාමාට වෙත දන්වා සිටියේය. ඇෆ්ගන් යුද්ධය අවසන්ව ඇති නිසා හමුදා භට පිරිස් තම රටෙන් ඉවත් කර ගන්නැයි ඉල්ලා සිටින තලෙයිබාන් සංවිධානය තවදුරටත් ලෝකයා කුපිත කරන කි‍්‍රයාවන්ගෙන් ඈත්වී සිටින්නැයි ද කියා සිටී. තලේබාන් සංවිධානය ඉස්ලාමීය වෙබ් අඩවියකින් හරහා මේ බව දන්වා ඇතැයි වාර්තා වේ. එමෙන්ම ඇමෙරිකානු හමුදා ඇෆ්ගන් භූමිය තුළ සිදු කරන සංග‍්‍රාමය අවසන්ව ඇති බව පවසන තලේබාන් ප‍්‍රකාශක සබියුල්ලා මුජහීඞ් සිය පූජනීය භූමියෙන් ඉවත්වන ලෙසට ඇමෙරිකා රජයට අනතුරු අඟවා ඇත. තලේබාන්වරු 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්තානයේ පාලන බලය හෙබවීය. මේ අතර 2001 වසරේදී ඔසාමා බින් ලාඩන් ඇමෙරිකාවට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ ඇමෙරිකානුවෝ තලේබාන් පාලනය පෙරළා දැමූහ. ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව වෙනුවෙන් ලක්ෂයකට ආසන්න නේටෝ භට පිරිසක් මේ වන විට රැඳී සිටින අතර ඔවුන්ගෙන් බොහොමයක් ඇමෙරිකානුවෝය. නේටෝ සංවිධානය කියා සිටින්නේ 2014 අවසාන වන විට ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින සියලූම හමුදා සේනාංක ඉවත් කර ගන්නා බවයි.



අදහස් (0)

දිගටම ලෝක පොලිස්කාරයා වුණොත් වැඩ වරදියි

දයා, සෞදියේ සිට Saturday, 10 November 2012 07:41 PM

පෙම්බර මදූ, ඇයි ඔයා ඔහොම කතා කියන්නේ (ස)

:       0       0

සුජිත් Sunday, 11 November 2012 12:18 PM

මිනිස්සුන්ට එපා වෙනවා

:       0       0

හනිස් Sunday, 11 November 2012 07:27 PM

කතාව ඇත්ත

:       0       0

නාමල් Sunday, 11 November 2012 07:46 PM

ඇමෙරිකාව කාටවත් බය නැහැ. (නි)

:       0       0

නිමාලි Sunday, 11 November 2012 03:15 PM

ඒකාකාරී ජිවිත වලට මිනිස්සු කැමති නැහැ

:       0       0

මධූ Friday, 09 November 2012 12:40 PM

හඳ එළියට‍ බල්ලො බුරනවලුනේ (ස)

:       0       0

ශිරාස් Saturday, 10 November 2012 10:47 AM

මධූ , ඔයාගේ අදහස් ජාතිවාදි නේද ?

:       0       0

සුරංග Sunday, 11 November 2012 11:40 AM

ලෝකය පාලනය කරන්න කාටවත් බහ (දී)

:       0       0

එඩ්වඩ් Sunday, 11 November 2012 11:48 AM

මධූ හරි. (නි)

:       0       0

හසිත් Sunday, 11 November 2012 11:53 AM

මධූගේ ප්‍රතිචාරය එයාටම ගැලපෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 94 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site