මහා පරිමාණයේ යුද්ධයට සූදානම් වෙන්නැයි උතුරු කොරියාවේ තරුණ නායක කිම් ජොං උන් ඊයේ (10) දකුණු කොරියාවට අනතුරු ඇඟවීමක් කළේය.
උතුරු කොරියානු නායකයා එම අනතුරු ඇඟවීම කළේ, එකසත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමින්, එරටට එරෙහිව නව වෙළෙඳ, ආර්ථික සහ රාජ්‍ය තාන්ති‍්‍රක සම්බාධක රැසක් පැනවීමට ඉකුත් 8 වැනිදා පියවර ගැනීමත් සමඟය.
උතුරු කොරියාව චෝදනා කරන්නේ තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට ඇමෙරිකාවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් පොළඹවන්නේ දකුණු කොරියාව කියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd