උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ සිය මිසයිල ආරක්ෂණ පද්ධතිය දෙගුණයකින් තර කිරීමට දකුණු කොරියා රජය ඇමෙරිකාව සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. දකුණු කොරියාවේ සියොල් අගනුවර මිසයිල ආරක්ෂණ පද්ධතිය වඩා සවිමත් කිරීමට එරට රජය අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව පිළිබඳව ඇමෙරිකාව සහ දකුණු කොරියාව සාකච්ඡා පවත්වමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මේ වන විට හමුදා භටයන් 28,500ක් දකුණු කොරියාවේ ආරක්ෂාව පිණිස ස්ථානගත කර ඇති ඇමෙරිකාව පවසන්නේ උතුරු කොරියාව හදිසියේ න්‍යෂ්ටික ප‍්‍රහාරයක් එල්ල කළ හොත් දකුණු කොරියාව ඉන් ආරක්ෂා කර ගැනීමට තමන් සූදානමින් සිටින බවයි. මේ ගිවිසුම මඟින් සියොල් නුවර ස්ථානගත කර ඇති මිසයිල ආරක්ෂණ පද්ධතිය බල පැවැත්වෙන දුර ප‍්‍රමාණය කිලෝමීටර් 800 දක්වා වැඩි කිරීමට දකුණු කොරියා රජය සූදානමින් සිටී. උතුරු කොරියාව සතුව මිසයිල වර්ග දහසක් පමණ තිබෙන බව පවසන දකුණු කොරියාව එම මිසයිල සියොල් නුවර ඉලක්ක කර ස්ථාන ගත කර ඇතැයි පවසයි.
2025 දෙසැම්බර් මස 18
136
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු කොරියාව මිසයිල ආරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ සූදානමක