දකුණු කොරියාවේ අයිචියෝන් නගරයේ ඉදිකරමින් පැවති ගබඩා සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 36 දෙනෙකු මරණයට පත් වී තිබේ.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සඳහා භාවිත කළ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඇතිවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මරණයට පත්වූ සියලු දෙනා ඉදිකිරීම් කටයුතුවල නිරත වී සිටි සේවකයින් බවට විශ්වාස කෙරේ.
පුද්ගලයින් 78 දෙනෙකු එහි සේවය කර ඇතැයි අනාවරණය වී ඇති බැවින් මරණයට පත්වූ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකිය.
අනතුරන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙක් තුවාල ලබා සිටිති.
එරට වේලාවෙන් අද පස්වරු 1.30 ට පමණ ඇතිවූ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත.
මෙම හදිසි අවස්ථාව වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි-කියුන් මහතා නියෝග කර තිබේ.
එරට වේලාවෙන් පස්වරු 6.40 ට පමණ ගින්න නිවා දැමීමට හැකිවී තිබේ.
-226-
(බීබීසී ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දකුණු කොරියාවේ ගින්නකින් 36 ක් මරුට