IMG-LOGO

තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්

 

මිනිසුන් අතර ව්‍යාප්ත වියහැකි තවත් දුර්ලභ වයිරසයක් බොලීවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

පර්යේෂකයන් පවසන්නේ 2019 දී මේ වයිරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනකු බොලීවියාවේ අගනුවර වන ලාපාස් නගරයෙන් හමුවූ අතර ඔවුන්ගෙන් සෞඛය සේවකයන් තිදෙනකුට වයිරසය සම්ප්‍රේෂණය වී තිබූ බවයි. පළමුව ආසාදනය වූ රෝගියකු සහ සෞඛ්‍ය සේවකයන් දෙදෙනකු මේ වයිරසය හේතුවෙන් මියගොස් තිබේ. 2004 දී ලාපාස් සිට සැතපුම් 370ක් නැගෙනහිරින් පිහිටි චපාර් ප්‍රදේශයේ පුද්ගලයන් අතර පැතිර ගියේ මේ වයිරසය බව ද හඳුනාගෙන ඇත. එබැවින් මේ නව වයිසරයට “චපාර්” ලෙස නම් තබා ඇත.

මේ වයිරසය පිළිබඳ පර්යේෂණ සිදුකළ රෝග කාරක හා ව්‍යාධිවේදය පිළිබඳ විශේෂඥයකු වන කේට්ලින් කොසබුම් මහතා පවසන්නේ වයිරසය මිනිසාගේ ශරීර තරල වලින් ආසාදනය විය හැකි බවයි. ඔහුගේ පර්යේෂණවලින් සනාථ වන්නේ මෙම වයිරසය මිනිසා අතරට පැමිණ ඇත්තේ මීයන්ගෙන් බවයි.

කොවිඩ්–19 වැනි ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාදනය වන වයිරස වලට වඩා තරල හරහා පැතිරෙන වයිරස් සිරුරට ඇතුළු වීම පහසු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. ලොව පුරා විද්‍යාඥයන් මේ ගැන වඩාත් බියක් පළකිරීමට හේතු වී ඇත්තේ මේ හේතුවෙනි.

මෙම නව වයිරසය වැළඳුණ රෝගීන්ට උණ, උදර වේදනාව, වමනය, විදුරුමස් ලේ ගැලීම, සමේ කැක්කුම සහ ඇස් පිටුපස වේදනාව ඇතිවන බව කොසබුම් මහතා පවසයි. මේ සඳහා තවමත් නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින් එය මිනිසුන් අතර පැතිරයාම ආරම්භ වුවහොත් ඉතාමත් භයානක තත්ත්වයක් ඇතිවිය හැකි බව ද හෙතෙම අනතුරු හඟවයි.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ වසර කිහිපයක් මේ වයිරසය හඳුනා නොගෙන මිනිසුන් අතර සංසරණය වී ඇති බවයි. ඩෙංගුවලට සමාන රෝග ලක්ෂණ දක්වන වයිරසයක් බැවින් ඇතැම්විට ඩෙංගුයැයි වැරදි ලෙස වටහාගන්නා බව ද ඔවුන්ගේ අදහස වී තිබේ.

බොලීවියාවේ සිටින ඇමෙරිකානු සෞඛ්‍ය බලධාරන්, බොලීවියාවේ සෞඛ්‍ය බලධාරීන් හා ලෝක සෞඛය සංවිධානයේ නියේාජිතයන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩයාම මෙම වයිරසය ඉක්මණින් හඳුනාගැනීමට අවශ්‍ය වෛද්‍යවිද්‍යාත්මක ක්‍රමවේදයන් වැඩිදියුණු කර තිබේ.

“චපාර්” වයිරසය පිළිබඳ තවමත් නෙදන්නා දේ බොහෝ තිබිය දී මේ කණ්ඩායම රෝග විනිශ්චය සඳහා වූ පර්යේෂණ දියුණු කිරීමටත්, මිනිසාාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව තහවුරු කිරීමටත් මීයන්ගෙන් වයිරසය පැමිණි බව අනාවරණය කරගැනීමත් ප්‍රශංසනීය බව ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය ජොයෙල් බ්‍රෙමන් පවසයි.

ද ගාඩියන් ඇසුරණි

085



අදහස් (1)

තවත් දුර්ලභ වයිරස රෝගයක් බොලීවියාවෙන්

Rasi Friday, 20 November 2020 03:15 AM

Facebook වල කොටලා වත්, පාර්ලිමේන්තුවෙ වැඩක් නැති ඒවාට ගහගෙන වත්, ලෝකය ඉදිරියේ ඇති අභියෝගවලට ලංකාව සූදානම් කළ නොහැකි බව මේ රටේ වැසියන් මෙන්ම දේශපාලකයින් තේරුම් ගනිත්වා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site