‘තලාස්’ නැමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (4) උතුරු දිග ජපාන හරහා හමා ගිය අතර මහ වැසි නිසා හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් අතුරුදන් වූහ. ලක්ෂ හතරකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි විය. සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූයේ බටහිර සහ මධ්‍යම ජපානයටය. කුණාටුව පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ 460,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ජපාන බලධාරීහු කටයුතු කළහ. ඒ සඳහා හමුදාවේ ද සහාය ලැබුණි. හදිසියේ ඇති වූ ජල ගැලීම් හේතුකොට ගෙන පළාත් රැුසක මං මාවත් ජලයෙන් යට වී ඇති අතර ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම් පද්ධති මුළුමනින්ම ඇණ හිට තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කළේ ෂිකෝකූ සහ ජපානයට අයත් හොන්ෂූ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බවය. වකයාමා ප‍්‍රදේශයෙන් නායයෑම් රැසක් වාර්තා වේ. එම නායයෑම්වලට හසුවී පුද්ගලයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 10 දෙනෙක් අතුරුදන්වූහ. අධික වර්ෂාව නිසා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය. නාරා ප‍්‍රදේශයේ ලී වලින් තැනූ නිවාස රැසක් ජලයට ගසා ගෙන ගොස් ඇති අතර එයින් පුද්ගලයෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘තලාස්’ සුළි කුණාටුවෙන් ජපානයේ 30 ක් මරුට