IMG-LOGO

තලෙයිබාන් ප‍්‍රහාරයෙන් පාකිස්තාන හමුදා භටයන් 8ක් මරුට

වයඹදිග පාකිස්තානයේ හමුදා මුරපොළකට තලෙයිබාන් සටන්කාමීන් ඊයේ(29) එල්ල කළ ප‍්‍රහාරයකින් හමුදා භටයෝ හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සුරන්ග් බාබා සියාරට් ග‍්‍රාමයේ පිහිටි හමුදා මුරපොළ වෙත කඩා වැදුණු අත්බෝම්බ සහ රොකට්වලින්වලින් සන්නද්ධ සටන්කාමීන් පිරිසක් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබ ඇත. එහිදී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම්වලින් සටන්කාමීන් දස දෙනෙකු ද මිය ගොස් ඇති බව වාර්තා වේ. පාකිස්තානයේ ගෝත‍්‍රික ජනයා වාසය කරන වසිරිස්තාන් ප‍්‍රදේශයේ අල් කයිඩා සංවිධානය හා සම්බන්ධ සටන්කාමීන්ගේ කඳවුරු පිහිටා ඇත. මෙම සටන්කාමීන් මර්දනය කරන ලෙසට පාකිස්තාන රජයට ඇමෙරිකාවෙන් නිරතුරු බලපෑම් එල්ල වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කි‍්‍රයාත්මක කළ මෙහෙයුම්වලින් පාකිස්තාන හමුදාභටයන් 3000ක් පමණ මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇත.



අදහස් (0)

තලෙයිබාන් ප‍්‍රහාරයෙන් පාකිස්තාන හමුදා භටයන් 8ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site