දීර්ඝ කාලයක් තිස්සේ රටින් පිටුවහල්ව සිටි පාකිස්තානයේ හිටපු ජනපතිවරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වන පර්වේස් මුෂාරෆ් ඊයේ (24) යළි සිය රට පැමිණියේය.
|
|
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි අවස්ථාව |
හිටපු ජනපතිවරයා යළි පාකිස්තානයට පැමිණියේ මැයි 11 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමටය. මුෂාරෆ් පාකිස්තානයට පැමිණි විගස ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි. ඒ, ඔහුට එරෙහි චෝදනා රැසක් එල්ල වී තිබීම නිසාය.ඒ අතර, හිටපු ජනාධිපතිවරයා නැවත පාකිස්තානයට පැමිණියහොත් ඝාතනය කරන බවට තලේබාන් සංවිධානය පසුගිය සතියේ අනතුරු අඟවා තිබුණි.
මුෂාරෆ් පාකිස්තානයේ සිටින ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි. කරච්චි නුවරට පැමිණි මුෂාරෆ් පිළිගැනීමට ඔහුගේ සමීපතමයෝ සහ පක්ෂ ආධාරකරුවෝ බොහෝ දෙනෙක් රැස්ව සිටියහ.
මීට පස් වසරකට පෙර ජනපති ධුරයෙන් සමුගත් මුෂාරෆ් පාකිස්තානයෙන් පිටුවහල් වී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර සහ ඩුබායිහි ජීවත් වුණේය. අවස්ථා කිහිපයකදී යළි සියරට පැමිණීමට උත්සහ කළ ද පාකිස්තාන රජය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ නිසා එම අවස්ථා මඟ හැරිණි.
වත්මන් පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිගේ බිරිය මෙන්ම හිටපු අගමැතිවරියක ද වන බෙනාසීර් බූතෝගේ ඝාතනයට ද මුෂාරෆ් සම්බන්ධ බවට වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන නමුත් එම චෝදනා ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි වී ඇත.
අධිකරණයට බලපෑම් කිරීම, බලය අයථා ලෙස භාවිත කිරීම ආදී චෝදනා රැසක් මුෂාරෆ්ට එරෙහිව එල්ල වී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා ඇත.
හමුදාපතිවරයාව සිටියදී කිසිදු ලේ වැගිරීමකින් තොරව, මුෂාරෆ් හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තාන ජනපති ධුරයට පත්වූයේ 2001 වසරේ දීය. 2008 තෙක් ඔහු පාකිස්තාන ජනපතිවරයා ලෙස කටයුතු කළේය. හමුදාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2007 වසරේ දී එම ධුරයට සමු දී 2008 තෙක් කටයුතු කළේ සිවිල් ජනපතිවරයකු ලෙසය.
2001 වසරේ දී ඇමෙරිකාව සහ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කරද්දී, පාකිස්තාන ජනපති ලෙස මුෂාරෆ් ඊට සහාය පළ කළේය. පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජය සමඟ ගැටුම් ඇති කර ගත්තේත් රට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඇවිළී ගියේත් එම අවස්ථාවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා යාපනය බේරා ගැනීමට අපට උදවු කළ ඔබ අපට කිසිදා අමතක නොවේ. (නි)
ඔව් මේ මහත්තයා තමයි අපිට මල්ටි බැරල් දුන්නේ (ස)
අපිට පාකිස්ථානයෙන් වගේම ඊශ්‍රායලයෙනුත් මල්ටි බැරල් දුන්නා නේද? (නි)
හොද වැඩක් (දී)
ජීවිතය ගැන අවධානමක් ගත්තේ මොකද (දී)
දැක්කාද ඒ පින්තුරේ ඉන්න එඩිතර කම
එඩිතර කමක් (දී)