IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තලේබාන් සිරුරු කොටස් පෙන්වන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ

මරා දැමුණු තලේබාන් බෝම්බකරුවන්ගේ සිරුරු කොටස් ප‍්‍රදර්ශනය කරන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡුායාරූප, පෙරේදා (18) ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ වීමත් සමඟ ඇෆ්ගන් වැසියන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. ඇෆ්ගනිස්තානයේ කාබුල් ඇතුළු නගර කිහිපයක ඊයේ (19) ඇමෙරිකා විරෝධී උද්ඝෝෂණ පැවැත්වුණු අතර ඇමෙරිකා ධජ ගිනිබත් කිරීම් ද එහිදී සිදුවිය. එම සිද්ධිය සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ද සිය විරෝධය පළ කර ඇත. ඇමෙරිකා හමුදා තව තවත් අපකීර්තියට ලක් වූ එම සිදුවීම සම්බන්ධයෙන් ධවල මන්දිරය ප‍්‍රකාශයක් නිකුත් කළ අතර, එහි සඳහන් වන්නේ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ කි‍්‍රයා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවය. මේ අතර එම ඡායාරූප ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා රජය එම පුවත්පතට දොස් පවරයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඡායාරූප පළ කර ඇත්තේ ඒවා පළ කරන බව ඇමෙරිකා ආරක්ෂක අංශ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව කල් තියා දැනුවත් කරමින්ය. එම අවස්ථාවේදී ඡායාරූප පළ නොකර සිටින්නැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇති නමුත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත එම ඉල්ලීම ඉවත දමා ඇත.



අදහස් (0)

තලේබාන් සිරුරු කොටස් පෙන්වන ඇමෙරිකන් සෙබළුන්ගේ ඡායාරූප නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site