IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


තලේබාන් සමඟ සාම කතා අරඹන්න ඇෆ්ගන් ජනපති සූදානම්

ඇෆ්ගන් තලේබාන් සංවිධානය සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට තමා සූදානම් බවත්, ඒ සඳහා කටාර් රාජ්‍යය බලා පිටත්ව යන බවත් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඊයේ (25) නිවේදනය කළේය.
තලේබාන් සංවිධානය, කටාර් රාජ්‍යයේත් ප‍්‍රංශයේත් සහාය ඇතිව ඇෆ්ගන් රජය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ‘සාම කාර්යාලයක්’ කටාර්හි පිහිටුවා ඇත.
එම ‘සාම කාර්යාලය’ පිහිටුවීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රජයෙන් මීට පෙර විරෝධයක් එල්ල විය. ඒ, එම ‘සාම කාර්යාලය’ පිහිටුවුවහොත්, තලේබාන් සමග සාම කතා පවත්වද්දී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් තම රජයට කොන්දේසි පනවනු ඇතැයි ඇෆ්ගන් රජය බිය පළ කිරීම නිසාය.
ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කොට, ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. විදෙස් හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් රජයට සහ ආරක්ෂක අංශවලට පැවැරීමෙනි. ඒ සඳහා ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කිරීම මේ වනවිට සිදුවෙමින් පවතී.
ඇෆ්ගන් ජනපති කර්සායි ප‍්‍රමුඛ රජය ද තලේබාන් සංවිධානය සමඟ සාම කතා පැවැත්වීමට කැමැත්ත පළ කර ඇති අතර ජනපති කර්සායි ඒ සඳහා විශේෂ සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත.
ජනපති කර්සායි පවසන්නේ සාම කතා පැවැත්වීමට නම් තලේබාන් සංවිධානය ඔවුන්ගේ ‘ත‍්‍රස්ත කි‍්‍රයා’ වහා නැවැත්විය යුතු බවය. තලේබාන් සංවිධානය ද සාම සාකච්ඡාවලට කැමැත්ත පළ කර ඇති නමුත් අවි බිම දමා සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර නැත.



අදහස් (0)

තලේබාන් සමඟ සාම කතා අරඹන්න ඇෆ්ගන් ජනපති සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1662 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site