IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තලේබාන් සටන්කාමීන්ගෙන් පෙෂාවෝර් ගුවන්තොටුපළට දැවැන්ත ප‍්‍රහාරයක්

වයඹදිග පාකිස්තානයේ පිහිිටි පෙෂාවොර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉලක්ක කර ගෙන තලේබාන් සටන්කාමීන් ඊයේ (16) එල්ල කළ ප‍්‍රහාරයකින් සිවිල් වැසියෝ හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. බෝම්බ පිර වූ මෝටර් රථ, රොකට් සහ ගිනි අවිවලින් සන්නද්ධ වූ සටන්කාමීන් පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත. එහිදී ආරක්ෂක අංශ එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාරවලින් සටන්කාමීහු සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පාකිස්තානයේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන පෙෂාවොර්හි පිහිටි මෙම ගුවන්තොටුපළ එරට ප‍්‍රධාන ගුවන් හමුදා කඳවුරක් ලෙස ද සැලකේ. ගුවන්තොටුපළේ නවතා තිබූ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකෝප්ටර් විනාශ කිරීමේ අරමුණින් සටන්කාමීන් මෙම ප‍්‍රහාරය දියත් කර ඇති බව හමුදා ප‍්‍රකාශකයෙක් පැවැසීය. සටන්කාමීන් එල්ල කළ රොකට් ප‍්‍රහාරවලින් ගුවන්යානා කිසිවකටත් හානි සිදු නොවූ බවත් ජනතාව ගැවසෙන ස්ථානයකට එම රොකට් ප‍්‍රහාරයක් පතිත වීමෙන් එහි සිටි පිරිස් තුවාල ලැබූ බවත් කයිබර් පළාතේ සන්නිවේදන කටයුතු අමාත්‍ය මිලාන් ඉෆ්තිකාර් හසන් සඳහන් කළේය. රොකට් සහ ගිනිඅවිවලින් ප‍්‍රහාර එල්ල කළ සටන්කාමීන්ට සිය ඉලක්කයට සම්පූර්ණ කර ගැනීමට හැකියාව ලැබී නොමැති බව වාර්තා වේ. ප‍්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් බාර ගෙන ඇත.  ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ වැසියන් පනස්දෙනකු පමණ රෝහල් ගත කර ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ‘‘අපගේ ඉලක්කය වූයේ ප‍්‍රහාරක ගුවන්යානා සහ හෙලිකොප්ටර් යානා විනාශ කිරීමයි. නැවතත් ප‍්‍රහාරයක් එල්ල කිරීමට අප සූදානමින් සිටිනවා.’’ යැයි ප‍්‍රහාරයෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් තලෙයිබාන් ප‍්‍රකාශක එන්සනුල්ලා එසාන් අනතුරු ඇඟවීය. උද්ගතව ඇති මෙම තත්ත්වය තුළ පාකිස්තානයේ අනෙකුත් ගුවන්තොටුපළවලට ද ආරක්ෂාව තර කරන ලෙස අනතුරු අඟවා ඇතැයි එරට රජය සඳහන් කරයි.



අදහස් (0)

තලේබාන් සටන්කාමීන්ගෙන් පෙෂාවෝර් ගුවන්තොටුපළට දැවැන්ත ප‍්‍රහාරයක්

සක්‍ර Tuesday, 18 December 2012 02:00 PM

ලෝක විනාසය (දී)

:       0       0

මාලක Tuesday, 18 December 2012 03:34 AM

ඇයි ලාල්, ඔයා ඉපදුණේ 89ට පස්සේද? (නි)

:       0       0

ලාල් Monday, 17 December 2012 06:22 PM

තමන්ගේම ජාතියේ අයට ප්‍රහාර එල්ල කරනවද? (නි)

:       0       0

සිල්වා Tuesday, 18 December 2012 09:37 PM

සාමකාමී බෞද්ධ ජනතාව මෙම ප්‍රදේශවල අතීතයේ හිටියා. (නි)

:       0       0

බන්ඩාර Monday, 17 December 2012 09:10 PM

ත්‍රස්ථවාදීන්ට ජාති ආගම් භේධ නෑ (ස)

:       0       0

ශාන් Tuesday, 18 December 2012 12:18 PM

මුළු ලෝකෙම උන්ඩ වලට යට වෙලා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site