IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


තලේබාන් වෙඩි ප‍්‍රහාරයට ලක් වූ මලාලා දැරියගේ සෞඛ්‍ය යහපත් අතට

තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලබා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍ය රැගෙන ආ මලාලා සුසෙෆ්සායි නමැති 14 හැවිරිදි පාකිස්තාන දැරිය පළමු වරට ආධාර සහිතව සිට ගැනීමට සමත්ව සිටින බව බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පවසති. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා බි‍්‍රතාන්‍යයට රැගෙන ආ මලාලා දැරිය මේ වන විට බර්මිංහැම්හි පිහිටි ක්වීන්එළිසබෙත් රෝහලේදී ප‍්‍රතිකාර ලබයි. මලාලාගේ රෝගී තත්ත්වය දිනෙන්දින යහපත් අතට හැරෙමින් තිබෙන බවත් ශ්වසන ආධාරක නළ හේතුවෙන් ඇයට කතා කිරීමට නොහැකි වූවද ඇය සිය අදහස් ලියා දක්වා ප‍්‍රකාශ කරන බවත් එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ඬේව් රොසර් සඳහන් කළේය. දැරියගේ හිසට එල්ල වූ වෙඩි පහරින් ඇයගේ ජීවිතය බේරී ඇත්තේ සෙන්ටිමීටරයක පමණ පරතරයකින් බව ද වෛද්‍ය ඬේව් පැවැසීය. තලේබාන් සටන්කාමීන්ගේ අන්තවාදී ෂාරියා නීතිය හෙළා දකිමින් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැඟීමේ වරදට මලාලා වෙඩි ප‍්‍රහාරයට ලක් විය. ඒ, පාකිස්තානයේ ස්වාත් මිටියාවතේ පදිංචි ඇය අමතර පංතියකට සහභාගී වී පාසල් බස් රියෙන් සිය නිවෙස බලා යෑමට සැරසෙද්දීය. එහිදී බරපතළ තුවාල ලැබූ මලාලා පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර හමුදා රෝහලකට ඇතුළු කළ අතර අනතුරුව වැඩිදුරට ප‍්‍රතිකාර සඳහා විශේෂ ගුවන්යානයකින් බි‍්‍රතාන්‍යයට රැගෙන එනු ලැබිණි. ක්වීන්එළිසබෙත් රෝහලේ සුවය ලබමින් සිටින මලාලා දැරිය...



අදහස් (0)

තලේබාන් වෙඩි ප‍්‍රහාරයට ලක් වූ මලාලා දැරියගේ සෞඛ්‍ය යහපත් අතට

සාෆීන් Wednesday, 24 October 2012 07:10 PM

මලාලා දැරියට අල්ලාහ්ගේ පිහිට ලැබේවා! ශරීහා නීතිය ඇත්තේ සාමයෙන් පිරී ජීවිතයක් මනුෂ්‍ය සංහතියට දායාද කිරීමටයි. සමහර නොදන්නා අය මෙන්ම හොදින් දන්නා අයද මෙයට වැරදි නිර්වචන දීමෙන් මෙම ශරීහා යන වචනයට අද සමහර අය බියට පත්වනවා. සමාජයේ ලෞකික මෙන්ම අධ්‍යාත්මික ජීවිතය යහපත් උසස් තත්වයක පවත්වා ගැනීමට ශරීහා උපකාරී වේ. ශරීහා නීතියේ 5% වැඩ අඩුවෙන්ම දණ්ඩ නීතිය දැකිය හැකිවනු අතරම 95% කම ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතයට අයත් නීතියයි. (නි)

:       0       0

තුෂාර Wednesday, 24 October 2012 07:13 AM

මෙහෙම සිංහලෙන් ඉක්මන් සුවය පැතුවා කියලා එයාට තේ‍රෙන්නේ නැහැනේ. (නි)

:       0       0

නසාර් Monday, 22 October 2012 04:54 PM

මෙවැනි ලෝකයක නැවත බිහි නොවේවා , මෙවන් දුකක් කිසිවෙකු‍ට සිදු නොවේවා..(ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 22 October 2012 05:09 PM

රෝගී තත්ත්වයෙන් යහපත් අතට හැරෙමින් තිබෙන ඔයාට තව තවත් ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරමූ....!! (නි)

:       0       0

වෙනුර Tuesday, 23 October 2012 07:12 AM

මෙය අල්ලා දෙවියන්ගේ නීතිය නොව මුස්ලිම් අන්තවාදීන්ගේ නීතියයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 23 October 2012 07:21 PM

සත්‍යය ජයවේවා! (නි)

:       0       0

ලාල් Monday, 22 October 2012 05:52 PM

ඉක්මන් සුවය පතමු. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 23 October 2012 03:07 PM

ත්‍රස්තවාදය ලොවින් තුරන්කර යුතුයි . අසරණ දැරියට ඉක්මන් සුවය (ස)

:       0       0

මහේන් Tuesday, 23 October 2012 07:55 PM

ඉක්මන් සුවය පතමි. (නි)

:       0       0

චමින්ද Tuesday, 23 October 2012 08:45 AM

මුස්ලිම් අන්තවාදියෝ හිතන්නේ එයාලගේ ආගම විතරයි තියෙන්න ඕනෑ කියලා. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 22 October 2012 06:11 PM

හොද ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

නාරද Tuesday, 23 October 2012 08:03 PM

මේ ළමයා ඉල්ලුවේ 6% නෙමෙයි නේද? මේ ළමයා එක්ක බලනකොට අපේ ළමයි (සහ ඇදුරුතුමන්ලා) කොරන්නේ පිස්සු නේද? (නි)

:       0       0

හර්ෂණ Monday, 22 October 2012 12:02 PM

දුවේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (ස)

:       0       0

රුක්ෂලා Monday, 22 October 2012 12:09 PM

නංගියේ ඔබට ඉක්මන් සුවය ලැබේවා !!!!(ස)

:       0       0

මොහොමඩ් Monday, 22 October 2012 06:39 PM

තලේයිබාන් සටන්කාමීන්ට සාපකරමින් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (ස)

:       0       0

නදීරා Tuesday, 23 October 2012 09:22 AM

නංගියේ, ඔබට ඉක්මන් සුව ලැබේවා! (නි)

:       0       0

තුෂාර Wednesday, 24 October 2012 09:34 AM

ශ්‍රේෂ්ඨ මිනිසුන් මැරෙන්නෙ නැහැ පුතේ. (නි)

:       0       0

නුවන් Wednesday, 24 October 2012 09:52 AM

ඇයි මානව හිමිකම් සංවිධාන වලින් කතා නැත්තේ? (නි)

:       0       0

ඉනෝකා Monday, 22 October 2012 06:54 PM

මෙ එඩිතර පුංච් කෙල්ල ගැන ලංකාවේ සිට කුරානය වෙනුවෙන් පෙළපාළි යන මුස්ලිම්වරුන්ට වෙදනාවක් හැගීමක් ඇත්තේම නැද්ද? මේවා මහපොළව නුහුලන අපරාධ. මොවුන්ට ස්වාභාව ධර්මයා දඩුවම් දෙනවාමයි. නංගියේ ඔබට ඉක්මනින් සුවය ලැබේවා!! (නි)

:       0       0

පද්මි Tuesday, 23 October 2012 09:50 AM

මේ දරුවා මීට පසු නිදහසේ ජීවත් වේවි (ස)

:       0       0

සුප්රා Monday, 22 October 2012 07:11 PM

මෙහේ ඉන්න මුස්ලිම් කට්ටිය දැන් මොන පැත්තේද? (නි)

:       0       0

ජනක Tuesday, 23 October 2012 08:57 PM

නංගියේ, ඔයාට ඉක්මන් සුව ලැබෙනවා. (නි)

:       0       0

මුසයින් Tuesday, 23 October 2012 03:51 PM

ඉනෝකා, මුස්ලිම් අන්තවාදීන් කරන දේවල් ඇයි මුස්ලිම් මිනිසුන්ගෙ ඇගේ ගහන්නෙ? මේ රටේ හෝ වේවා පිටරටක හෝ වේවා කිසිම මුස්ලිම් ජාතිකයෙක් ත්‍රස්තවාදීන් කරන දෙවල් අනුමත කරන්නෙ නැහැ. කණ්ඩායමක් කරන දේකට ජාතියක් පළිත් නැහැ. සුප්රා, පැහැදිලිවම මුස්ලිම් මිනිස්සු ඉන්නෙ මේ දැරිවිගෙ පැත්තෙයි. වෙනුර, අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි චමින්ද, ඒගොල්ලන්ට අන්තවාදීන් කියන්නෙ ඒ නිසානෙ..? (නි)

:       0       0

නිමල්-රියාද් Tuesday, 23 October 2012 09:26 PM

එඩිතර දියණියේ, නුඹගේ හිත හයියයි. එම ශක්තියේ බලය නුඹ සමගයි. (නි)

:       0       0

නන්ද හිමි Wednesday, 24 October 2012 11:41 PM

ආයුධ ගත්තෝ ආයුධයෙන් නසී. නැගණියෙනි, ඔබට ඉක්මන් සුවය! (නි)

:       0       0

රූපා Monday, 22 October 2012 08:08 PM

සති ගණනාවක් තිස්සේ දුක්විදින ඔබට ඉක්මන් සුවය ලැබේවා...ඔබ අදහන දෙවියන් ඔබව ආරක්ෂා කරත්වා (ස)

:       0       0

කීත් Monday, 22 October 2012 08:09 PM

දුවේ ඹයාට ඉක්මන් සුවය ‍ලැබේවා (අ)

:       0       0

ෂෙරීෆ් Monday, 22 October 2012 09:36 PM

ත්‍රස්තවාදීන් මෙලොවින් තුරන් කර දැමිය යුතුයි. (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 24 October 2012 04:48 PM

මානව හිමිකම් සංවිධාන වලට මේවට ඩොලර් හම්බෙන්නේ නෑ (ස)

:       0       0

චන්දන Tuesday, 23 October 2012 11:06 PM

ඔබට නිරෝගී සුව

:       0       0

සේනානායක Monday, 22 October 2012 11:23 PM

දියණිය, ඔබට ඉක්මන් සුව! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1652 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2491 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 4639 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 2624 8

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 164 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 118 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1074 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1451 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 377 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site