නේටෝ සෙබළුන් තිදෙනකු ඇතුළු 14 දෙනෙක් ඊයේ (1) උදෑසන ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරදී මරාගෙන මැරෙන තලේබාන් බෝම්බකරුවකුට බිලි වූහ. 60 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූ සැණින් තලේබාන් සංවිධානය එහි වගකීම බාර ගනිමින් ප‍්‍රකාශ කලේ විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවය. ප‍්‍රහාරය සිදුවූයේ ඊයේ උදෑසන 8.30 ට පමණ කෝස්ට් නගරයේ ජනාකීර්ණ වීදියක පිහිටි වෙළෙඳපොළකය. එම අවස්ථාවේ ඇෆ්ගන් සහ නේටෝ සෙබළු වෙළෙඳ පොළ පසුකර යමින් සිටියහ. බෝම්බකරු පැමිණ අතේතේ යතුරු පැදියකිනි. බෝම්බකරු සෙබළුන් වෙත පැමිණෙද්දී සෙබළුන් ඔහුට වෙඩි තබා ඇතැයි ද නේටෝ හමුදාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සෙසු පිරිස සිවිල් වැසියෝ වෙති. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිවිල් වැසියන්ට අමතරව ඇෆ්ගන් පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාලකරුවන් කඩිනමින් කෝස්ට් නුවර රෝහල් වෙත ගෙන ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd