නේටෝ සෙබළුන් තිදෙනකු ඇතුළු 14 දෙනෙක් ඊයේ (1) උදෑසන ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නුවරදී මරාගෙන මැරෙන තලේබාන් බෝම්බකරුවකුට බිලි වූහ. 60 දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූ සැණින් තලේබාන් සංවිධානය එහි වගකීම බාර ගනිමින් ප‍්‍රකාශ කලේ විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන බවය. ප‍්‍රහාරය සිදුවූයේ ඊයේ උදෑසන 8.30 ට පමණ කෝස්ට් නගරයේ ජනාකීර්ණ වීදියක පිහිටි වෙළෙඳපොළකය. එම අවස්ථාවේ ඇෆ්ගන් සහ නේටෝ සෙබළු වෙළෙඳ පොළ පසුකර යමින් සිටියහ. බෝම්බකරු පැමිණ අතේතේ යතුරු පැදියකිනි. බෝම්බකරු සෙබළුන් වෙත පැමිණෙද්දී සෙබළුන් ඔහුට වෙඩි තබා ඇතැයි ද නේටෝ හමුදාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සෙසු පිරිස සිවිල් වැසියෝ වෙති. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිවිල් වැසියන්ට අමතරව ඇෆ්ගන් පොලිස් නිලධාරීන් තිදෙනකු ද සිටින බව වාර්තා වේ. තුවාලකරුවන් කඩිනමින් කෝස්ට් නුවර රෝහල් වෙත ගෙන ගිය බවත් ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තලේබාන් බෝම්බකරුට 14 ක් බිලි: 60 කට තුවාල