පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාත්නයේ පොලිස්පති ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් ඊයේ (13) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් දිවිගලවා ගැනීමට ප‍්‍රාන්ත පොලිස්පති මුෂ්තාක් සුකේරා සමත් වූ නමුත් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 46 කි.
බෝම්බය පුපුරා ගියේ පොලිස්පති මුෂ්තාක් සුකේරාගේ නිවස ඉදිරියේය. සුකේරා නිවසට පැමිණෙද්දී බෝම්බය පුපුරා හැර ඇත. පොලිස්පතිවරයාගේ නිවස පිහිටා ඇත්තේ කාර්යබහුල වීදියකය.

මියගිය සෙසු පිරිස අතර පොලිස්පතිගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ හමුදා නිලධාරීන් දෙදෙනකු සිටින බව ද වාර්තා වේ. බෝම්බකරු වෑන් රියකින් පැමිණ ඇති බව පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

බෝම්බය පුපුරා ගොස් තිබූ අයුරු...