ඉන්ධන පිරිමැස්ම අතින් ලොව ඉදිරියෙන්ම සිටින මෝටර් රථය නිපදවීමට ජර්මනියේ වෝක්ස්වාගන් මෝටර් රථ සමාගම සමත්වී ඇතැයි වාර්තා වේ.

වී.ඩබ්ලියු. එක්ස් එල් 1 ලෙස නම් කර ඇති මේ මෝටර් රථයට ඉන්ධන ගැලූමකින් සැතැපුම් 313 ක දුරක් යා හැකි බව කියැවේ.මිට අමතරව මෝටර් රථයේ විදුලි මෝටර පද්ධතියක්ද වන අතර එම පද්දතිය සැතැපුම් 31 ක දුරක් මෝටර් රථය ධාවනයට අවශ්‍ය ජවය සැපැයීමට සමත්ය.කුඩා ප්‍රමාණයේ එන්ජිමකින් පණගැන්වුවද ජවය අතින්ද මේ මෝටර් රථය අනෙක් රිය වලට  දෙවැනි නොවේ.තත්පර 12 ක් ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගැනීමට සමත් මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 100 කි.

මෝටර් රථය හැඩ ගැන්වීමට කාබන් ෆයිබර් වලින් නිමැවූ සැහැල්ලූ හා සවිමත් පැනල සොයා ඇත.මේ නිසාම රථයේ මුළු බර කිලෝග්රෑම් 795 ක් පමණි. වන බව එහි නිර්මාපකයන් කියයි.මිල ගණන් නම් මෙතෙක් නිවේදනය කර නොමැති අතර මෙම වසර අවසානයට ප්‍රථම මෝටර් රථය වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වොක්ස්වාගන් සමාගම පවසයි.