IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


තෙල් පිරිමහන්න රියක් එයි

ඉන්ධන පිරිමැස්ම අතින් ලොව ඉදිරියෙන්ම සිටින මෝටර් රථය නිපදවීමට ජර්මනියේ වෝක්ස්වාගන් මෝටර් රථ සමාගම සමත්වී ඇතැයි වාර්තා වේ.

වී.ඩබ්ලියු. එක්ස් එල් 1 ලෙස නම් කර ඇති මේ මෝටර් රථයට ඉන්ධන ගැලූමකින් සැතැපුම් 313 ක දුරක් යා හැකි බව කියැවේ.මිට අමතරව මෝටර් රථයේ විදුලි මෝටර පද්ධතියක්ද වන අතර එම පද්දතිය සැතැපුම් 31 ක දුරක් මෝටර් රථය ධාවනයට අවශ්‍ය ජවය සැපැයීමට සමත්ය.කුඩා ප්‍රමාණයේ එන්ජිමකින් පණගැන්වුවද ජවය අතින්ද මේ මෝටර් රථය අනෙක් රිය වලට  දෙවැනි නොවේ.තත්පර 12 ක් ඇතුළත පැයට සැතපුම් 60 ක වේගයක් අත්කර ගැනීමට සමත් මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 100 කි.

මෝටර් රථය හැඩ ගැන්වීමට කාබන් ෆයිබර් වලින් නිමැවූ සැහැල්ලූ හා සවිමත් පැනල සොයා ඇත.මේ නිසාම රථයේ මුළු බර කිලෝග්රෑම් 795 ක් පමණි. වන බව එහි නිර්මාපකයන් කියයි.මිල ගණන් නම් මෙතෙක් නිවේදනය කර නොමැති අතර මෙම වසර අවසානයට ප්‍රථම මෝටර් රථය වෙළදපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වොක්ස්වාගන් සමාගම පවසයි.

 

 

 

 



අදහස් (0)

තෙල් පිරිමහන්න රියක් එයි

කෙනත් (ඇමෙරිකාව) Tuesday, 26 February 2013 11:15 PM

මේ වාහනයේ බොඩිය ෆිබෙර් වලින් හදලා තිබෙන්නේ. ඇමෙරිකාවේ පාරවල් වලට දාන්න කලින් ආරක්ෂාව ගැන ප්‍රමිති සහතිකයක් ගන්න ඕනෑ. ළගදී ඉන්දියාවේ මරුටි රථය ඇමෙරිකාවට ඉතා අඩු මිලකට (ඩොලර් 5000) හදුන්ව දෙන්න ගියා. නමුත් එහි සැකිල්ල අවශ්‍ය තරම් ශක්තියකින් යුතු නොවීම නිසා මහජන ජීවිතත් ආරක්ෂාව අඩු නිසා , එහි සැකිල්ල ප්‍රතිනිර්මාණය කරන්න නිර්දේශ වුණා. නමුත් නව ශක්තිමත් සැකිල්ලක් සහ ජීවිත ආරක්ෂක ක්‍රම යොදා සාදන විට එහි මිල ඩොලර් 15,000ක් වුණා. නමුත් 15000 කට අලුත්ම ටොයෝටා කොරොල්ලා කාරයක් ගත හැකි නිසා මරුටි රථය සදහටම එලියට විසි වුණා. වී ඩබ්ලිව් ඇමෙරිකාවේ ඉතා ජනප්‍රියයි, මෙය ඩොලර් 20,000 කට අඩුවෙන් අවොත් ටොයෝටා හ්යිබ්රිඩ් රථවල අවසානය විය හැකියි. (නි)

:       0       0

ජයා Tuesday, 26 February 2013 02:27 PM

මෙහෙට ගෙනාවොත් 1000% විතර බද්දක් අය කරයි.. තෙල්වල ගාණ කොහෙන් හරි අය කර ගන්න ඕනනේ...(ස)

:       0       0

කින් බෙනට් Tuesday, 26 February 2013 11:51 PM

අනේ කාර් එකේ දොර 2 යි නේ. මම හිතුවේ දොර හතර කියලා. මට නම් හරියන්නේ නැහැ. අනික ලංකාවේ මිල දැම්මොත් තමයි හොඳ. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 27 February 2013 04:43 AM

සාමාන්‍ය ව්‍යවහාරේ හැටියට ලීටර් වලින් නේද මනින්නේ. මෙක ගැලුම් වලින් දාලා තියෙන්නෙ.මොකක් හරි හොරයක් ඇති.(නදී)

:       0       0

හරින්-මාලදිවයින Tuesday, 26 February 2013 07:45 AM

ලංකාවේ දක්ෂයෝ ඉන්නවා. ඒ වුනාට තැනත් දෙන්නේ නැහැ. මම දැක්කා ලගදි එක්කෙනෙක් ඉවත ලන යකඩ කෑලි එකතුකරලා නිර්මාණයක් හැදුවා. ඒක උඩ ගියා. නමුත් අන්තිමට වුනේ හිරේ යන්න. එයා ඒක හදන්න මොනතරම් මහන්සි වෙන්න ඇද්ද?(නදී)

:       0       0

දිසානායක-කැනඩාව Wednesday, 27 February 2013 05:26 AM

මාලා, ඔයාගේ කියමන හරි.(නදී)

:       0       0

කෙනත් (එක්සත් ජනපදය) Friday, 01 March 2013 10:03 PM

ජනතා සේවයක් කරන විට මුලින්ම බනින්නේ මුකුත් නොකර ඉන්න නිකමුන්ය. ඉතින් ඔබ අයත් වන්නේ මේ අතරින් මොන ගොඩටද යන්න මෙහි ඔබ දමන අදහස් වලින් අනෙක් පාඨකයනට හොදින් නිරාවරණය වනු ඇත. මුකුත් ම බැරිනම් තමන්ගේ කුහකත්වය ප්‍රසිද්ධ ස්ථානවල හෙළිදරව් නොකර සිටීමේ මානව අයිතිවාසිකම ඔබට හිමි බව මතක තබා ගන්න. (නි)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 06:26 AM

ලංකාවේ වහන බදු ක්‍රමය නිසා පහර වදින්නෙ පොඩි මිනිහාට. ඩොලර් 25000ට වැඩි වාහන වලට බදු වැඩි කළාට කමක් නැහැ. අනික විදේශ විනිමය එවන විදේශගතව දුක් විදින ශ්‍රමිකයාට කෝ බදු සහන? කවුද මේ ගැන කතා කරන්නේ? (නි)

:       0       0

නවරත්න Tuesday, 26 February 2013 03:50 PM

මේ තමයි විදේශ රටවල දක්ෂතාවය..අපි ගරුකළ යුතුයි. නමුත් අපි උත්සහ කරන්න ඕන අපේම නිෂ්පාදනත් අපේ අනාගතය වෙනුවෙන්... (ස)

:       0       0

නසාර් Wednesday, 27 February 2013 08:22 AM

මෙම වාහනයට හලාල් සහතිකයක් අනිවාර්යමයි.(නදී)

:       0       0

කුසාන් Tuesday, 26 February 2013 08:45 AM

අන්න අරහේ ඇමතිපුතෙක් පොලිස් පුතෙකුට ගහලා,(නදී)

:       0       0

රුපා Wednesday, 27 February 2013 08:45 AM

කෙනත් හරි. අපි මරණ අතේ තියාගෙන ඉන්දියන් වාහන පාවාච්චි කරනවා. වෙන රටවල් එහෙම කරන්නේ නැහැ. අපි තොච්චර ඉන්දියාවට බැන්නත් අපි කරන්නේ ඉන්දියාවේ ආර්ථිකය පෙහොසත් කරන එකයි.(නදී)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 09:20 AM

නිමල් ලංකාවේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා...ඉදිරියට ගෙනියන්න ඉඩක් නෑ.. රෝද දෙකේ අත් ට්‍රැක්ටරය නිර්මාණය කළෙත් ලංකාවේ කෙනෙක්..(ස)

:       0       0

අරවින්ද Tuesday, 26 February 2013 09:29 AM

මේවා මැජික් වෙන්නේ අපි වගේ පොඩි මිනිසුන්ට. හෙට අනිද්දට බලන්නකෝ ශ්‍රී ලංකන් එකෙන් ගෙනත් බානකොට.(නදී)

:       0       0

සූකිරි Tuesday, 26 February 2013 10:14 AM

මෙන්න තවත් සිදුවීමක් ජර්මනියේ උතුම් බව කියාපාන.(නදී)

:       0       0

රාණි Tuesday, 26 February 2013 10:18 AM

හරි, හරි, දැන් අර පොල්කඩන මැසිම හදපු කොළුව කෝ? පොලිතින් වලින් පෙට්‍රල් හදපු මහත්තයා කෝ?(නදී)

:       0       0

රූපා Tuesday, 26 February 2013 10:16 AM

සුද්දන්ට බැන බැන, සුද්දගේ දේවල්ම පාවිචිචි කර කර, බෝටිටුවලින් සුද්දගෙ රටටම යන අපේ අය ගැන මොනවා කතා කරන්නද?(නදී)

:       0       0

රාණි Tuesday, 26 February 2013 10:17 AM

ලංකීය නිර්මාණ කරුවනි, ඔබට මේ රටේ තැනක් ලැබෙන්නේ නැහැ. බෝට්ටුවක එල්ලිලා හරි කමක් නැහැ හොද රටකට යන්න.(නදී)

:       0       0

කුමාර Wednesday, 27 February 2013 10:17 AM

ගැථම ක ලීටර් 4.5 අඩංගුය ඒ අනුව සැතපුම් 313/4.5 = 69.555 ලීටර් 1 ට ධාවන දුර සැතපුම් 69.555 පමණ විය හැක කිෙලා් මීටර වලින් නමි සැතපුම් 69.555 X 1.6 = කිෙලා් මීටර 111.28 ( සැතපුම් 1 = කිෙලා් මීටර 1 දශම 6) (ස)

:       0       0

ශීලා Tuesday, 26 February 2013 10:18 AM

වොක්ස්වැගන් කියන්නේ ලෝකේ ජනප්‍රියම වාහනයක්. ලංකාවේ අපිට ජර්මනියේ වාහන ගන්න සල්ලි නැති නිසා මේවා දකින්න නැහැ.(නදී)

:       0       0

සූකිරි Tuesday, 26 February 2013 10:37 AM

මෙන්න ජර්මනියේ උතුම් බව කියාපාන තවත් එක සිදුවීමක්.(නදී)

:       0       0

සම්පත් Tuesday, 26 February 2013 06:14 PM

සජීව මාලා අක්කාගේ යාලුවෙක් වගේ. (නි)

:       0       0

දිනුක Wednesday, 27 February 2013 11:36 AM

ජාතිවාදය ගැන කතාකරන අය තමන් නොදන්න දේවල් කතා නොකර ඉන්නවා නම් හොදයි. (නි)

:       0       0

අචිනි Tuesday, 26 February 2013 11:23 AM

අපේ රටේ මේවගේ නිර්මාණයක් කළොත් ඊට පස්සේ ඔළුව සොයාගන්නවත් බෑ. අතුරුදහන් කරනවා...(ස)

:       0       0

සේන Monday, 25 February 2013 10:27 PM

දෙයියනේ! මෙන්න සුපිරි තාක්ෂණය... (නි)

:       0       0

මාලා Monday, 25 February 2013 10:24 PM

අපි ඉතින් ජාතිවාදාය ආගම්වාදය පතුර පතුරා ඉමු... (නි)

:       0       0

නිමල් Monday, 25 February 2013 10:28 PM

පාපැදියක්වත් හදාගන්න බැරි අපිට මේවා මැජික්. (නි)

:       0       0

සුධීර Monday, 25 February 2013 10:29 PM

සියල්ල පිටරටින් ගෙන්නා ගන්නා අපිට මේවා මැජික්. (නි)

:       0       0

රාණි Monday, 25 February 2013 10:26 PM

සුද්දාගේ වැඩ ගැන ආයි කතා දෙකක් නැහැ. (නි)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 10:30 PM

ඔවු. අපි සුද්දන්ගේ දේවල්ම පාවිච්චි කරමු. (නි)

:       0       0

ෆසාල් Tuesday, 26 February 2013 07:50 PM

දැන් මන්ත්‍රීලාගේ පුතාලා මේ වගේ කාර් අරන් ඒවි. (නි)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 10:46 PM

වාහනේ නම් ලස්සනයි. ඒ/සී නම් නියමයි. එන්ජිම ඉස්සරහද? පිටිපස්සෙද? ඔටෝද? මැනුවල්ද? ලංකාවට එනවිට ගණන කීයද? වැඩි විස්තර හදිස්සියි !(ස)

:       0       0

සම්පත් Tuesday, 26 February 2013 12:16 PM

මාලා හැම දේටම ජාතිවාද ගාවන්න එපා. මේක විශිෂ්ඨ වැඩක් (ස)

:       0       0

දීපාල් Tuesday, 26 February 2013 02:23 AM

අනේ මේක හදපු මිනිස්සුන්ට පින්! (නි)

:       0       0

සජීව Tuesday, 26 February 2013 01:56 PM

මාලා කියන එක හරි අපි ජාති වාදේ පතුර පතුර ඉන්නේ නැතිව ජාතියක් වශයෙන් එකතුවෙලා ඉදිරියට යන්න බලමු. (ස)

:       0       0

රුවන් Tuesday, 26 February 2013 10:25 PM

පෝක්ස් වැගන් තමයි හරි නම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 23 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 18 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 23 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



බාමියන් නගරයේ වෙඩි තැබීමක්
2024 මැයි මස 19 14 0

ඇෆ්ගනිස්තානයේ බාමියන් පළාතේ බාමියන් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් විදේශිකයන් තිදෙනකු සහ ඇෆ්ගන් ජාතිකයකු මියගිය බව පැවැසෙයි.


රෆා නගරයේ ලක්ෂ 8 ක් අවතැන්
2024 මැයි මස 19 11 0

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ද විරෝධය නොතකා ඊශ්‍රායලය ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන්, මේ වනවිට රෆා නගරයේ ලක්ෂ 8 කට ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 794 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2347 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2013 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site