IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ති‍්‍රණමූල් කොංග‍්‍රසය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි

ඉන්දීය රජය හඳුන්වා දීමට සූදානම් වන නව ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට විරෝධය පාමින් සන්ධාන රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව ති‍්‍රණමූල් කොංග‍්‍රස් පක්ෂය පවසයි. 2009 වසරේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් පසු, ඉන්දීය අගමැති මන්මෝහන් සිංගේ කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජයට ශක්තියක් වූයේ ත‍්‍රිණමූල් පක්ෂයයි. ති‍්‍රණමූල් කොංග‍්‍රසය නියෝජනය කරමින් ඇමැතිවරුන් 6 දෙනකු ඉන්දීය රජයට එක් ව සිටි අතර ඔවුන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඉල්ලා අස්වීමේ ලිපි නවදිල්ලි අගනුවරදී අගමැති මන්මෝහන් සිංට බාර දීමට නියමිත බවත් ති‍්‍රණමූල් කොංග‍්‍රසයේ පක්ෂ නායිකාව මෙන්ම බටහිර බෙංගාලයේ මහ ඇමැතිනිය ද වන මම්තා බෙනර්ජී පවසයි. තම පක්ෂය රජයෙන් ඉවත් වීමට තමන් තීරණය කළේ අගමැති සිං ඉකුත් සතියේ හඳුන්වා දුන් නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ පැකේජය ජනතා හිතකාමී එකක් නොවන නිසා යැයි ද මහ ඇමැතිනිය අවධාරණය කරයි. එම නව ආර්ථික ප‍්‍රතිසංස්කරණ හරහා විදෙස් සිල්ලර වෙළෙඳ යෝධයන් ලෙස සැලකෙන වෝල්මාට් සහ ටෙස්කෝ යන වෙළෙඳ සමාගම්වලට ඉන්දියාවේ ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව ලබා දීමට අගමැති සිං සූදානම් වේ. ති‍්‍රණමූල් කොංග‍්‍රසය පවසන්නේ ඒ හරහා ඉන්දීය සිල්ලර වෙළෙඳුන්ට ‘මරු පහරක්’ වනු ඇති බවත් එය රටේ ආර්ථිකය අගාධයට ඇද දැමීමට හේතුවක් වනු ඇති බවත්ය. තම පක්ෂය සන්ධාන රජයෙන් ඉවත්වීමට තීරණය කළේ අගමැති සිංගේ රජය පෙරළා දැමීමට නොවන බව ද මහ ඇමැතිනී බෙනර්ජි අවධාරණය කරයි.මම්තා බෙනර්ජි



අදහස් (0)

ති‍්‍රණමූල් කොංග‍්‍රසය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි

නසාර් Thursday, 20 September 2012 04:45 PM

අපේ අය නම් ලංකාවම වික්කත් යන්නේ නැහැ..!(නු)

:       0       0

මධු Thursday, 20 September 2012 02:58 PM

ලංකාවෙ තරම් ඉන්දියාවෙ දේශපානලය දූෂිත නැහැ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 695 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17855 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 761 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site