IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


තුර්කියේ සරසවි සිසුහු රජයට එරෙහිව වීදි බසිති

සිරියාව සම්බන්ධයෙන් තුර්කි රජය අනුගමනය කරන ප‍්‍රතිපත්ති වෙනස් කරන්නැයි බල කරමින් තුර්කියේ අන්කාරා නුවර ඊයේ (17) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් විණි.
සියයකට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ. කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් පොලිසිය එම පිරිස විසුරුවා හැරියේය. විරෝධතාවට එක් වී සිටියේ තුර්කි විශ්ව විද්‍යාල සිසුන්ය.
සිරියානු රජයට එරෙහිව, එරට කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට තුර්කියේ සහාය හිමිවීමට එරෙහිව එම විරෝධතාව පැවැත්විණි.
තුර්කි අගමැති රෙසෙප් එර්ඩොගොන්ගේ රජය සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දීමෙන්   තුර්කිය ද අස්ථාවර වනු ඇති බවටත්, සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා තුර්කියට පැතිරෙනු ඇති බවටත් විරෝධතාකරුචෝ චෝදනා කරන්න වූහ.
විරෝධතා සංවිධානය කළ විශ්ව විද්‍යාල සිසුන් 30 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව ද වාර්තා වේ.
සිරියාව තුර්කියේ අසල්වැසියෙකි. ඉකුත් 11 වැනිදා සිරියානු තුර්කි දේශසිමාවට යාබද තුර්කියේ රෙහාන්ලී නගරයේ අධි බැලැති කාර් බෝම්බ දෙකක් පුපුරා ගියේය.
එම බෝම්බ පිපිරීම්වලින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් තුවාල ලැබූහ. තුර්කි ආරක්ෂක අංශ එම අවස්ථාවේදී කියා සිටියේ, එය තුර්කි ‘ත‍්‍රස්තවාදීන්ගේ’ කි‍්‍රයාවක් නමුත් සිරියානු රජය සහ බුද්ධි අංශය ඒ පසුපස සිටින බවය.
තුර්කිය කලක් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම මිතුරා විය. එහෙත් සිරියානු කැරැුල්ල ඇරැඹීමෙන් පසු තුර්කිය සිරියාවේ සතුරා වී ඇත. එම බෝම්බ පිපිරීම හේතුවෙන් සිරියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමේ අවදානමක් පවතී. තුර්කි අගමැති ඇමෙරිකා ජනපති හමුවීමට ගියේ ද මේ හේතුව නිසාය. තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝ සාමාජික රටකට සතුරු ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සෙසු සාමාජික රටවල් ද එම රට ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට බැඳී සිටී.



අදහස් (0)

තුර්කියේ සරසවි සිසුහු රජයට එරෙහිව වීදි බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 132 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15774 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 553 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site