ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර තරු පහේ   ‘ෆින්‘ හෝටලය මේ දිනවල ‘කාමර පරීක්ෂක‘ තනතුරක් සදහා අයදුම්පත් කැදවයි.

දින 35 ක් පුරා හෝටලයේ රැදෙමින් එහි කාමර වල තත්ත්වය  පරීක්ෂා කර බලා හෝටලය ගැන බ්ලොග් පිටුවක් ලිවීම   කාමර පරීක්ෂකට  පැවරෙන රාජකාරියයි. ආහාර පාන

සියල්ල හෝටලයෙන්ම සැපැයේ.නවාතැන් තරුපහේ කාමර වලය.

පරීක්ෂක තනතුර සදහා ඉංගී්‍රසි හා ෆින්ලන්ත භාෂා මනා ලෙස හැසිරවීමට හැකිවීම අනිවාර්ය සුදුසුකමක් බව හෝටල් බලධාරීන් කියයි.අයදුම්පත් අප්‍රේල් මස අවසානය වන තුරුම භාර ගැනෙන අතර මේ වන විටත් අයදුම්පත් 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි සදහන්ය.

කාමර වල මෑතභාගයේ සිදුකළ නවීකරණයන් පිළිබඳව අදහසක් ගැනීමට මෙසේ ‘කාමර පරීක්ෂක‘ තනතුරක් ඇති කළ බව හෝටල් බලධාරීන් පවසයි.