IMG-LOGO

තායිලන්තයට ආ සැණින් තක්ෂින් අත්අඩංගුවට

දූෂණ වංචා චෝදනා හේතුවෙන්, වසර 15 ක කාලයක් තායිලන්තයෙන් පිට වී විදේශගතව සිටි එරට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ෂිනවාත්‍රා යළි තායිලන්තයට බලා පැමිණියේය. එසේ පැමිණි සැණින් ඔහු අත්අංගුවට ගෙන අධිකරණයට යොමු කර පසුව බන්ධනාගාරයට යැවිණි.

තක්ෂින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකි. 2006 දී දූෂණ චෝදනා එල්ල වෙද්දී, ෂිනවාත්‍රාට බලය අහිමි විය. ඒ, හමුදාව රටේ බලය අල්ලා ගැනීමෙන් පසුවය.

තක්ෂින් බලයෙන් නෙරපා දැමුණු අතර, ඔහුගේ ‘තායි රාක් තායි’ පක්ෂය බලතල අවභාවිත කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් තහනම් කෙරුණි.

අත්අඩංගුවට ගැනීමට පෙර, තක්ෂින්, තායිලන්තයෙන් පිටුවහල් වී විදේශගත වීමට තීරණය කළේ එවිටය. තක්ෂින් නොමැතිව, බැංකොක් අධිකරණ ඔහුට වසර දෙකක සිර දඬුවමක් ද ලබා දී තිබුණි.

තක්ෂින් යළි පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිතය තිබුණි. ඒ අනුව, තක්ෂින් ෂිනවාත්‍රා ඔහුගේ පෞද්ගලික ජෙට් යානයෙන් බැංකොක් අගනුවර ඩොං මුවෙන්ග් ගුවන්තොටුපොළ බලා පැමිණි සැණින් අත්අඩංගුවට ගැනීම සිදුවිය.



අදහස් (6)

තායිලන්තයට ආ සැණින් තක්ෂින් අත්අඩංගුවට

wedage Tuesday, 22 August 2023 12:14 PM

අන්න රටවල්. පැමිණි විගසින් අත්අඩංගුවට

:       1       27

මැක්ස් Tuesday, 22 August 2023 01:11 PM

වෙදගේ මහත්තයා පරිස්සමින්... තායිලන්තේ පැත්තේ යන්න එපා....

:       0       1

City Tuesday, 22 August 2023 02:03 PM

කණගාටු වෙන්න එපා... එයා ඉක්මණින්ම අගමැති වෙනවා.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 22 August 2023 01:22 PM

අපිත් හොරු ටික ඉක්මණින්ම වැලිකඩට ගාල් කරමු. මැරෙන්න ඉස්සර…

:       0       2

fairoos Tuesday, 22 August 2023 02:08 PM

අපෙත් ඉන්නවා.... හමුදාවක් දේශපාලුවන්ට කඩේ යන...

:       0       3

විල්ඩන් Tuesday, 22 August 2023 03:22 PM

ලංකාවේ කෙනෙක් රට ඉඳලා ආවා නම් මල් මාලා දාලා. රතිඤ්ඤා පත්තු කරලා... වෙන වැඩක් නෑ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 459 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site