මීට වසර දෙකකට පෙර, ‘රතු කමිස’ විරෝධතානරුවන් රජයට එරෙහිව විරෝධතා පැවැත් වූ අවස්ථාවේ, එය නිර්දය ලෙස මර්දනය කිරීමට උත්සහ කිරීමේදී, විරෝධතාකරුවන් 90 දෙනකු මිය යෑම සම්බන්ධයෙන් හිටපු තායිලන්ත අගමැති අභිෂිත් වෙජ්ජීවාට මිනීමැරුම් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් ආරම්භ වීමට නියමිත බව ද වාර්තා වේ. 210 වසරේදී හටගත් එම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලින් 1,900 කට වැඩි පිිරිසක් තුවාල ලැබූහ. විරෝධතා හටගත් අවස්ථාවේදී අගමැති ධුරයේ සිටි වෙජ්ජජීවා පොලිසියටත් හමුදාවටත් බලය පවරා දුන්නේ විරෝධතාකරුවන් මර්දනය කරන ලෙසටය.