තායිලන්තයේ රායොන්ග් පළාතේ පිහිටි රසායනික කම්හලක ඊයේ(06) සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව 105 දෙනකු තුවාල ලැබූ බව තායිලන්ත රජය පවසයි. බැංකොක් නගරයට සැතැපුම් 110 ක් දුරින් පිහිටි එරට විශාලතම කාර්මික පුරවරය ලෙස සැලකෙන මැප් ටා පුට්හි පිහිටි රසායනික කම්හලක් තුළ මෙම පිපිරීම සිදුවී ඇති බව වාර්තා වේ. සිද්ධියත් සමඟ වහා කි‍්‍රයාත්මක වූ කර්මාන්ත පුරයේ බලධාරීන් එහි සිටි දහසක් පමණ වූ සේවකයන් ඉවත් කර ගැනීමට කටයුතු කළ බව විදෙස් වාර්තා සඳහන් කරයි. පිපිරීම හටගත්තේ කෙසේද යන්න පිළිබඳවත් රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පරිසරයට සිදු විය හැකි හානිය පිළිබඳවත් තක්සේරු කිරීමට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ නිලධාරියෙක් පැවසීය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd