IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


තායිලන්තයේ බැංකොක් නුවර ජලයෙන් යටවීමේ අවදානමක්

නොකඩවා ඇදහැලෙන මහ වැසි හේතුවෙන්, අද (11) සවස් වනවිට තායිලන්තයේ බැංකොක් අගනුවර මුළුමනින්ම ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි බලධාරීහු බිය පළ කරති. බැංකොක් නුවරට අමතරව තායිලන්තයේ පළාත් රැුසක් මේවනවිට ජලයෙන් යටවී ඇති අතර ගැලීම් සහ නායයෑම් හේතුවෙන් 250 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ. මිලියන 12 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇත. තායිලන්තයට මෝසම් වැසි සමය උදා වූයේ මීට මාස දෙකකට පෙරය. එදා සිට මේ දක්වාම නොකඩවා මහ වැසි ඇද හැලෙමින් පවතී. තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා ජාතිය අමතමින් කියා සිටියේ දශක ගණනාවකට පසු තායිලන්තය මුහුණ දුන් දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙය බවය. ”ජල ගැලීම් නිසා මුළු මහත් තායිලන්තය පීඩාවට පත්වී සිටිනවා. විපතට පත්වූවන්ට සහනාධාර ලබා දීම කඩිනමින් සිදුවෙනවා” යැයි ද තායිලන්ත අගමැතිනිය වැඩි දුරටත් කියා සිටියාය. බැංකොක් නුවරට මහ වැසි ඇදහැලීම ආරම්භ වූයේ ඉකුත් සිකුරාදා (7) ය. ඊයේ (9) වනවිට බැංකොක් නුවර ප‍්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබුණි. බැංකොක් ගුවන්තොටුපොළ ද වසා දැමීමට බලධාරීහු තීරණය කර ඇතැයි ද වාර්තා විය. විපත පත්වූවන්ට අධාර ලබා දීමටත් ජලගැලීම් හේතුවෙන් කොටුවී සිටින පිරිස් බේරා ගැනීමටත් හමුදාව යොදාවා ඇතැයි වාර්තා වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවමින් කියා සිටියේ ඉදිරි සතිය පුරාම තායිලන්තයට මහ වැසි ඇද හැලෙනු ඇති බවය. ගංවතුරට කොටුවූ තායිලන්ත වැසියෝ



අදහස් (0)

තායිලන්තයේ බැංකොක් නුවර ජලයෙන් යටවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 726 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site