IMG-LOGO

තායිලන්තයේ නැවත වීදි සටන් ඇරඹේ..

පසුගිය වසරේ ජූනි මාසයේදී පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් අත්කර ගත් යින්ග්ලක් ෂිනවත‍්‍රාගේ රජය පසුගිය සෙනසුරාදා බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ බලයට පත්වීමෙන් වසරකට පමණ පසුව නැවතත් 2008 වසර සිහිපත් කරමින් විරුද්ධවාදීන් වීදි බැසීමය. හිටපු  හමුදා ජනරාල්වරයෙකු වූ බූන්ලර්ට් කයිව්ප‍්‍රසිත්ගේ නායකත්වයෙන් විරෝධතා දැක්වූ කණ්ඩායම් යින්ග්ලක්ගේ දූෂිත ආණ්ඩුව රජතුමාට විරුද්ධව කටයුතු කරන නිසා වහාම ඉල්ලා අස්විය යුතු යැයි ඉල්ලා සිටියහ. බැංකොක් නගරය ඇතුළු ප‍්‍රධාන නගර කීපයක පැවති මෙම විරෝධතා 2008 වසරේ පැවති විරෝධතා සමග සංසන්දනය කරන විට සාපේක්‍ෂ වශයෙන් සාමකාමීව අවසන් වුවද එය ඉදිරියේ ඵළඹෙන දේශපාලන කුණාටුවක පෙර නිමිති වන්නේදැයි විචාරකයෝ සැක පහළ කරති. 2006 වසරේ සිට තායිලන්තයේ පවතින දේශපාලන අස්ථාවරත්වය අග්නිදිග ආසියාවේ ශක්තිමත් ආර්ථිකවලින් එකක් වූ තායිලන්තයට තදින් බලපෑය. පසුගිය සෙනසුරාදා වීදි බැස උද්ඝෝෂණය කළ මෙම විපක්‍ෂ කණ්ඩායම් පිටක් සියම් (තායිලන්තය ආරක්ෂා කර ගනිමු) නම් සංවිධානය, 2008 වසරේදී වත්මන් අගමැතිනිය යින්ග්ලක්ගේ සොහොයුරු වූ තක්සින් ෂිනවත‍්‍රාගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාර මෙහෙයවන ලද  ”කහ කමිස” නමින් හැඳින්වූ ව්‍යාපාරය ඉදිරිපත් කළ ඉල්ලීම නැවත වරක් ඉදිරියට ගෙන ඇත. ෂිනවත‍්‍රාගේ ආණ්ඩුවට විරුද්ධව දූෂණ කටයුතු පිළිබඳ චෝදනා ඉදිරිපත් වූ අතර සම්පූර්ණයෙන් අපක්‍ෂපාත වන්නේ යැයි නොසැලකෙන තායි අධිකරණයෙන් ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම කෙරිණ. ඉන් මිදීමට ඔහු රටින් පිටව සැඟවී ජීවත්වන අතර සුවිශාල ජනවරමක් ලබා ගනිමින් බලයට පත් ඔහුගේ සොහොයුරියට වසරක් ගත වූවද ඔහුට සමාව ලබාදී ආපසු සිය රටට පැමිණීමට ඇති නීතිමය බාධා ඉවත් කිරීමට හැකියාවක් ලැබුණේ නැත. ඒ සඳහා අවස්ථා කීපයකදීම ඇයගේ කැබිනට් මණ්ඩලය සූදානම් වූවද රටේ විවිධ කොටස්වලින් මතු වූ විරෝධය නිසා එම උත්සාහය අත්හැර දැමීමට සිදුවිය. රජතුමා හෝ රජ පවුල විවේචනය කිරීම අපරාධයක් සේ සැලකෙන තායිලන්තයේ සෑම විටම පාහේ දේශපාලන බලය හිමිකර ගත්තේ රජතුමාට පක්‍ෂපාතී කණ්ඩායම්ය. හමුදා කුමන්ත‍්‍රණ වලින් මහජන ජන්දයෙන් තේරීපත් වූ ආණ්ඩුව සිය පාලනය පවත්වා ගෙන ගියේත් එවැනි පාලන  හමුදා කුමන්ත‍්‍රණවලින් ඉවත් කළේත් රාජපාක්‍ෂික භාවය සහතික කිරීමෙනි. මහා ධනවතෙකු වූ ෂිනවත‍්‍රා රාජාණ්ඩුවට පක්‍ෂපාතී කොටස්වල විරෝධයට ලක්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන සමහර ලක්‍ෂණ තායි දේශපාලනයෙන් ඉවත් කිරීමට යෝජනා කළ නිසාය. සමාජයේ වරප‍්‍රසාද ලත් ජන කොටස් වූ ඔවුන් ෂිනවත‍්‍රාගේ ජනප‍්‍රිය දේශපාලනය ප‍්‍රිය කළේ නැත. සමාජ සුබ සාධන වැඩ පිළිවෙළ තුළින් ග‍්‍රාමීය ජනතාවට සමීප වූ ෂිනවත‍්‍රා ඡන්දයෙන් පරාජය කිරීමට නොහැකි බව තේරුම් ගත් මෙම කොටස් පළමුවෙන්ම ෂිනවත‍්‍රා දේශපාලනයෙන් ඉවත් කිරීමට තීරණය කළේ හමුදා කුමන්ත‍්‍රණයෙනි. හමුදා පාලනයට විරුද්ධව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගුණු විරෝධය නිසා නැවත වරක් මහජන ඡන්දයෙන් තේරී පත්වන ආණ්ඩුවකට බලය පවරා දීමට සිදු වූවත් ඊට පෙර සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයකින් තක්සින් ෂිනවත‍්‍රා බලයට පත්වීම වැළැක්වීමට ඔව්හු උත්සාහ කළහ. එහෙත් එය සාර්ථක වූයේ නැත. ඉන් පසුව ඔහුට රට පාලනය කිරීමට නොහැකි තත්ත්වයට පත් වූයේ කහ කමිසකරුවන් නමින් ප‍්‍රකට වූ නාගරික මධ්‍යම පන්ති කණ්ඩායම් දියත් කළ උද්ඝෝෂණ රැල්ල නිසාය. හමුදාවේ හා පාලන තන්ත‍්‍රයේ ඉහළ කොටස්වල සහාය ලත් රතු කමිස කරුවෝ තායිලන්තයේ ප‍්‍රධාන ගුවන් තොටුපල දෙකක් 2010 වසරේදී සති කීපයක් තිස්සේ අත්පත් කරගෙන ගුවන් ගමනාගමනය අඩාල කළහ. මෙම විරෝධතා නිසා තක්සින් ෂිනවත‍්‍රාට පක්‍ෂපාතී කණ්ඩායමට බලයෙන් ඉවත්වීමට සිදුවූ අතර පාර්ලිමේන්තුවේ නිශ්චිත බහුතරයක් නැති කුඩා දේශපාලන පක්‍ෂ කීපයකට බලය හිමි වුවද ඔවුන්ටද ස්ථාවර පාලනයක් ඇති කිරීමට හැකියාවක් තිබුණේ නැත. රතු කමිසකරුවන් නමින් හැඳින්වූ තක්සින් ෂිනවත‍්‍රාට හිතවත් උද්ඝෝෂකයෝ වීදි බැස අරගල කළහ. බැංකොක් නගරයේ ව්‍යාපාරික කේන්ද්‍රිය ප‍්‍රදේශයක කඳවුරු බැඳගත් මෙම විරෝධතාකරුවන් ඉවත් කරන ලද්දේ දැඩි හමුදා ප‍්‍රහාරයකිනි. එහිදී පුද්ගලයින් 91ක් මියගිය අතර 1700කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම අර්බුදකාරී තත්ත්වය සමනයට පත්වූයේ මහා මැතිවරණයකින් නව පාලනයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමෙනි. එම මැතිවරණයේදී තක්සින් ෂිනවත‍්‍රාට හිතවත් කණ්ඩායමක් බලයට ඒම වැළැක්වීමට රජතුමාට පක්‍ෂපාතීත්වය ප‍්‍රකාශ කළ වරප‍්‍රසාදිත සමාජ කොටස් බලවත් උත්සාහයක් ගත් නමුත් දේශපාලනයට නවකයෙක් වූ තක්සින්ගේ සහෝදරියක් වන යින්ග්ලක්ට ඔවුන් පහසුවෙන්ම පරාජය කිරීමට හැකිවිය. ව්‍යාපාරික ලෝකයෙන් දේශපාලනයට පිවිස යින්ග්ලක් ෂිනවත‍්‍රාට රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් නොවූ නමුත් වසරකට අධික කාලයක් ඇයට ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමට හැකිවිය. 2006 සිටම පසුබෑමකට ලක්ව තිබූ තායි ආර්ථිකය නැවත වරක් අග්නි දිග ආසියාවේ බලවත් වෙමින් පවතී. මාස කීපයක් තිස්සේ චීනයේ පවතින ජපන් විරෝධී උද්ඝෝෂණ නිසා ජපන් සමාගම් සිය ආයෝජන තායිලන්තයට යොමු කිරීමේ ප‍්‍රවණතාවක් ද දැකිය හැක. චීන නායක වෙන් ජියාබාවෝ පසුගියදා තායිලන්තයේ සංචාරයක යෙදෙමින් දෙරට අතර  සම්බන්ධතා තර කරගැනීමේ ගිවිසුම්  රැසක් අත්සන් කළේය.  මෙවැනි පසුබිමක යින්ග්ලක් ගේ රජය ස්ථාවර වීම ඇයගේ විරුද්ධවාදීන් තම දේශපාලන පැවැත්මට අනතුරක් බව දැකීම පුදුමයට කරුණක් නොවේ. පසුගිය සති අන්තයේ පැවැති විරෝධතා එහි එක් ප‍්‍රකාශනයක් පමණි. එම විරෝධතාවලට අපේක්‍ෂා කළ තරම් විශාල ජන සංඛ්‍යාවක් සහභාගි නොවූ නමුත් යින්ග්ලක්ගේ පාලනය අස්ථාවර කිරීමේ උත්සාහය ඉන් නවතින්නේ යැයි කිව නොහැක. එහෙත් අමතක නොකළ යුතු වැදගත්ම කාරණය වන්නේ භේද භින්නව පවතින තායි දේශපාලනයේ පැහැදිලි බහුතරයක් සහිත ආණ්ඩු පිහිටුවීමට හැකි වූයේ තක්සින් ෂිනවත‍්‍රාට සහ යින්ග්ලක් ෂිනවත‍්‍රාට පමණි යන්නයි. ඒ ඔවුන්ට අන් කාටත් වඩා තායිලන්තයේ අති බහුතරය වූ ග‍්‍රාමීය ජනතාවටත් නාගරික දුප්පතුන්ටත් සමීප දේශපාලනයක් හා ආර්ථික සුබ සාධනයක් ගොඩනැගීමට හැකි වූ නිසාය. විරුද්ධවාදීන්ට, යින්ග්ලක් ගේ රජය අස්ථාවර කිරීමට හැකිවූවත් ජන බලය දිනාගැනීමට නොහැකි වන්නේ එම නිසාය.

සටහන: මහින්ද හත්තක
ඔබාමා සහ තායිලන්ත රජු අතර හමුව... යින්ග්ලක් ෂිනවත‍්‍රා ආණ්ඩු විරෝධී පෙළපාලි



අදහස් (0)

තායිලන්තයේ නැවත වීදි සටන් ඇරඹේ..

චින්තක Saturday, 01 December 2012 12:46 PM

ලංකාවෙත් තියෙන්නේ මේ සෙල්ලම තමයි. මහජනතාවට සමීප නායකයා චන්දෙන් වට්ටන්න බැරි නිසා වරින් වර එක එක කුමන්ත්‍රණ ගේනවා . හැබැයි ජනතා බලය තියෙන කන් ඔය සෙල්ලම් වැඩක් නැහැ . (ස)

:       0       0

අචිනි Saturday, 01 December 2012 04:11 PM

චින්තකගේ අදහස් ගැන මට හරිම කණගාටුයි ..නින්දෙන් නැගිටලා වගේ පේන්නේ ..! (ස)

:       0       0

නවුශාඩ් Friday, 30 November 2012 08:33 PM

හොඳ පුවතක් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 68 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 581 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 80 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 47 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 114 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3209 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1426 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1619 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site