තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට නැවත සිය රටට පැමිණීමට අවසර ලැබෙන පනතක් ඊයේ (01) තායිලන්ත පාර්ලිමේන්තුවේදි සම්මත කරගනු ලැබුණි.
2006 වසරේදි හමුදා කුමන්ත‍්‍රණයකින් තක්ෂීන් ෂිනවත‍්‍රාව බලයෙන් පහකැරුණු අතර ඔහුට විරුද්ධව බලය අයුතු ලෙස යොදාගත් බවට චෝදනා එල්ල විය.ඔහුට විරුද්ධව අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කැරුණු අතර ඊට පෙර ඔහු රටින් පිටව ගොස් තිබුණි.
වර්තමානයේ තායිලන්තයේ අගමැතිධූරයේ කටයුතු කරන්නේ හිටපු අගමැතිගේ සොහොයුරිය වන යින්ග්ලක් ෂිනවත‍්‍රාය.
ඊයේ (01) සම්මත කරගැණුනු පනතට අනුව හිටපු අගමැතිවරයාට දේශපාලන අර්බුද සමයේ එල්ල වූ චෝදනා වලට සමාවක් ලැබෙනු ඇතැයි පැවසේ.
කෙසේ නමුත් මෙම පනතට විරෝධය දක්වමින් තායිලන්ත විපක්ෂය විරෝධතා රැළි සංවිධානය කළ අතර ඔවුන් පවසා සිිටියේ මෙම පනත සම්මත කරගැනීමත් සමඟ නැවතත් වීථි විරෝධතා ඇතිවිය හැකි බවයි.
|
වර්තමාන අගමැති යින්ග්ලක් ෂිනවත‍්‍රා |
|
හිටපු අගමැති තක්ෂින් ෂිනවත‍්‍රා |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමා එම දේශපාලන ක්‍රමයේ වාසිය (නි)