ජීවිත දෙකක් බිලි ගනිමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත වෙරළ තීරය හරහා හමා ගිය ‘නීලම්’ සුළි කුණාටුව ඊයේ (1) ආන්ද්‍රා ප‍්‍රදේශයට කඩා වැදුණේය.
පැයට කිලෝ මීටර් 89 ක වේලයකින් හමා යන සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි පැය 24 පුරාවට මහ වැසි සහ තද සුළං ඇති විය හැකි යැයි ආන්ද්‍රා ප‍්‍රදේශ් කාලගුණ විද්‍යා බලධාරීහු පවසති.
සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමට හැකිවූ නිසා වෙරළ බඩ අවදානම් ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
ආන්ද්‍රා ප‍්‍රදේශය හරහා මීට පෙර මේ අයුරින් ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් හමා ගොස් ඇත්තේ 1977 වසරේදීය. ඊට 10,000 ක් බිලි වූහ.
බෙංගාල බොක්කේ කැළැඹිලි ස්වභාවයක් හේතුවෙන් හටගත් ‘නීලම්’, දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ මහාබලිපුරම් වෙරළට කඩා වැදුණේ පෙරේදා (31) සවසය.
සැඬ සුළං සහ ප‍්‍රචණ්ඩ රළ පහර හේතුවෙන් දකුණු ඉන්දීය වෙරළ තීරයට ඔබ්බෙන් ගමන් කරමින් තිබූ ‘ප‍්‍රතිභා කාවේරි’ නමැති තෙල් නැව චෙන්නායි වෙරළට ගොඩගැසීය.
වෙරළාරක්ෂක නිලධාරීන් වහා කි‍්‍රයාත්මක වී නැවේ සිටි 37 දෙනා බේරා ගැනීමට උත්සහ දරා ඇත. එම 37 දෙනාගෙන් 21 දෙනකු බේරාගෙන ජීවිතාරක්ෂක බෝට්ටුවලින් වෙරළට රැගෙන එද්දී එම බෝට්ටු සැඬ රළ පහරට හසුවී පෙරැුළී ගියේය.
එහිදී එක් අයකු මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වූයේය. 15 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වූවන් සොයා කඩිණමින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ නමුත් අයහපත් කලගුණය නිසා එම මෙහෙයුම්වලට බාධා එල්ල විය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තමිල්නාඩුව හරහා ‘නීලම්’ ආන්ද්‍රා ප‍්‍රදේශයට කඩාවදී
සම්පත් Friday, 02 November 2012 11:21 AM
එල....එල....(ස)