
(විමුක්ති එස් රුද්‍රිගු)
මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට මුණගැසී ඇත.
තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බව ජෙනිෆර් ප්‍රකාශ කර තිබේ.
නමුත් තමන්ට අවුරුදු 22 ක් ජීවිතය දුන් තම හෘදය වස්තුව මෙසේ කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබෙන අයුරු දුටු විට සිතට ආඩම්බරයක් ද දැණුනු බව ජෙනිෆර් පවසා ඇත.
ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඞ් නගරයේ පදිංචිකාරිනියක වන අතර මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් බද්ධ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd