සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පිටත තණ බිස්සක දරුවකු ප‍්‍රසූත කළ මෙක්සිකෝ කාන්තාවගේ ඡායාරූපයක් එරට පුවත්පත් වල මුල් පිටුවේ පළ වීමක් පිළිබඳ සිද්ධියක් වාර්තා වේ. ඇය 29 හැවිරිදි අයිර්මා ලෝෆෙස් නැමැති තෙදරු මවකි.
ඇය තෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් ඇත. ගැබ් ගෙන මාස 8ක් නිසා තවම දරු ප‍්‍රසූතිය සඳහා කාලය පැමිණ නොමැති බව එහි හෙදියක් පවසා ඇත.ඉන් පිටතට පැමිණීමත් සමග ඇයට මහත් වේදනාවක් ඇති විය.අසල තිබූ තණ බිස්සේ දරුවා ප‍්‍රසූත කළාය.
ගැබිනියගේ කෑ ගැසීම ඇසී එතෙනට රැස්වූ පිරිසගෙන් කෙනෙක් ඡායාරූපයක් ගෙන එය පුවත්පත් වලට ලබා දී ඇත.
මෙම ඡායාරූපය පුවත්පත් වල පලවීමත් සමග මෙය එරට විශාල ජාතික ප‍්‍රශ්නක් වී ඇති අතර වාද විවාද වලට මාතෘකාවක් ද වීය. ඒ අනුව සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කර මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එරට බලධාරීන් කි‍්‍රයා කරන බව සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍ර ගේ කතාව අනුව ඉන්නේ අරාබි රටක වගේ. සරත් සමග මම එකග වෙමි (ත)
එම කාන්තාව ඇයගේ අවසාන දිනය හරිහැටි නොදැන්වීම නිසා මේ වගේ දෙයක් වූ එක වැළැක්විය නොහැක.තණ බිස්ස තව හොදයි.බොහෝ වෙලාවට වැසිකිළිය සමහරුන්ට තිඹිරි ගෙවල් වෙනවා (නි)
අපි වෙනත් රටකට ගිහින් බලන්න ඕනා ඒ රටවල් වල සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අධ්‍යාපනය ගැන. ජනතාවට රටේ නිදහස් අධ්‍යාපනය වැනි දේවල් වල වටිනකම තේරෙන්නේ නැහැ.(නදී)
ආලෝක, මට පෙනෙන්නේ ඔයා මෙතන සියල්ල පටලවාගෙන තියෙන්නේ. මේ පුවතේ තිබෙන්නේ ඇමෙරිකාවේ සිදු වූ සිදුවීමක් නොවේ. මෙය සිදුවී තිබෙන්නේ මෙක්සිකෝවේ . මෙක්සිකෝවේ වැඩි හරියක් ඉන්නේ අපේ හමට හුරු අයයි. ඇමරිකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය ගැන ඔයාට වැටහීමක් නැති බවයි මේ අදහස් වලින් පෙනී යන්නේ. ඔයාට ඕනෑ නම් , මට ඇමරිකාවේ අර්බුදය ගැන දේශපාලන විග්‍රහයක් මේ පිටුව පිරෙන්නම දෙන්න පුළුවන් (නි)
හෙදියගේ නොසැලකිලිමත් භාවය නිසා දොස්තරට නීතිය ක්‍රියාත්මක වෙනවා.මෙහෙ නම් හෙදියන් මේකට අකුරට වැඩ හෝ වර්ජන (නදී)
අපේ රටේ සෞඛ්‍ය සේවය ඉතා ඉහලයි. ලෝකයේ අප ඉන්නේ ගොඩක් ඉදිරියෙන්.වැරදීමකින් හෝ මේ සම්බන්ධව ඇති සමීක්ෂණ වාර්තා කියවන්න.ලෝක සෞක්‍ය සංවිධානයත් පුදුම උනා,යුද්ධය පැවැති කාලයේත් අප හොඳ සෞක්‍ය සේවයක් පවත්වාගෙන යාම ගැන . උපන් දේශය අගයන්න.සාධාරණ සහ හදවතට එකඟ දේ පමණක් පවසන්න. (දිල්)
අපේ සමහර දේවල් වගේමයි (නි)
අනිවාර්යයෙන්ම අපේ රටේ දේවල් අපේ රටේ සමහරකට වටින්නේ නැහැනේ. සේවාව කොහොම වුණත් රට අපේ නම් අපි හැදුනා නම් ඉතුරු ටිකත් හැදෙයි නිකන්ම. (නි)
චන්ද්‍ර ට මොකද වෙලා තියෙන්නේ. ලංකාවට ඔච්චර ගරහන්නේ ලංකාවේ නෙවේද කොහෙද ඉන්නේ. ලංකාවෙනම් ඉන්නේ ඔය කියන උසස් රටට ගිහින් එහෙ උන්ට කියල කරගනින් (අ)
බබාට ලොකු අපහාසයක් උනෙ, මවටත් එසේමයි. ලොකු අසාධාරණයක් (ස)
අපිත් තණකොළ පිට්ටනි වවමු...එක පැත්තක හදමු...අනික් පැත්තේ මතෘ නිවාස..(නදී)
මේ ජනමාධ්‍යටත් ඕනා නැති දෙයක් නෑ හැමදේටම චයාරූප ගන්නවනේ, අනේ මන්දා.(නදී)
අපේ රටේ සෞඛ්‍යය සේවය හොදයි, එහෙත් එය ආගාධයට ඇදගෙන යන වැඩපිළිවෙලක් ගැන අවදානයෙන් සිටීම සහ වැරදිකරුවන් රටට හෙළිකිරීම අප සැමගේ යුතුකම වේ. (නි)
මෙතනදී මම දන්නා විදියට නම්, හෙදියකට රෝගියෙක් වෙනුවෙන් මෙවැනි නිගමන වලට ඒමට නොහැකිය. රෝගියා ගෙදර යනවාද රෝහලේ නවතිනවාද කියා තීරණය කරන්නේ වෛද්‍යවරයාය. බොහෝ වෙලාවට බටහිර රටවල එතරම් අමාරුවක් නැති රෝගීන් ආපසු නිවසට පිටත් කිරීම [දරු ප්‍රසුතියට මෙතරම් ළං වූ රෝගීන් නොවේ ] සාමාන්‍ය දෙයකි. රෝහල් එසේ කරනුයේ දිනක් රෝගියෙකු නවතා ගැනීම වෙනුවෙන්, රෝහලට ඉතා අධික වියදමක් දැරීමට සිදුවන නිසාය. මේ මුදල රුපියල් වලින් නම් දිනකට,රුපියල් 40.000/= හෝ, ඊටත් වඩා වැඩි වේ. ඉතින් මෙම සිද්ධියේදී, රෝහලේ අංශ භාර වෛද්‍යවරයා, මෙහි සම්පුර්ණ වගකීම භාරගත යුතුයි (නි)
සෙනෙහෙ පපා මේ දරුවා හැදු පපා කෝ අප්පා ? (අ)
චන්දිගේ කතාව හරියට හරි. (නි)
මොනවා වුණත් මේක අපේ රට, ගෙදර ප්‍රශ්න ගෙදරම විසඳාගෙන ඉදිරියට යමු. (නි)
ලාල් මල්ලි චන්ද්‍රා වැඩ කොරන්නේ ට්‍රැෆික් පොලිසියේ නෙවෙයි නේ...එයා අලුත් රාළහාමි කෙනෙක්...කොහොමත් මල්ලෙ පොල් තමයි.(නදී)
මෙයා කලු වීමත් මේකට හේතු වෙන්න ඇති? අනුන්න්ගේ ඒවාට හොට දැම්මට ඇමරිකාවේ තියෙන දේ හරිම කැතයි, මිනිස්සුන්ට අයිතිවාසිකම් මෙහෙමයි දෙන්නේ. පිල්ලි නෝනා හැංගිලාද? කවුරුහරි කතා කරලා අහන්නකො. පඩි නොදී මිනිස්සු ලක්ෂ ගානක් ගෙදර යවලා. ඒ අයගේ අයිතිවාසිකම් මොනවද? ළමයෙකුත් ඉන්න කාර් එකකට වෙඩි තියලා අම්මා කෙනෙක්ව මැරුවා. එහෙ ටෙන්ට් නගර තියෙනවා, පැල්පත් කියන්නේ නැහැ. අපේ තානාපති කාර්යාලෙටත් ප්‍රකාශයක් කරන්න බැරිද කරන්න ඕනේ දේ කියල දෙන්න? (ස)
ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා කියන අය හිතන්නේ ඇත්තටම එහෙමද කියලා. අද තියෙන්නේ අර්ද නිදහස් සෞඛ්‍ය සේවයක්. ඒකේ නිදහස් කොටස ගැලවෙමින් තියෙන්නේ එක තේරෙන්නේ නැති මෝඩ අපි හෙට දිනේදී ළමයි හදන්න වෙන්නේ කොහොමටත් තණ කොළ බිස්සේ තමයි. වාසනාවට කන්න තණකොළ නොමිලේම එතනම තියෙනවා අනිවාර්යෙන්ම එදාට තණකොළ වල ගුණය රටකරවන ඇත්තෝ අපිට කියලා දෙනකොට අනිවාර්යෙන්ම අපිට තප්පුලන්න පුළුවන්.(නදී)
අපේ රටෙත් වෙනසක් නැහැ දවසක් අම්ම කෙනෙකුට ඉහ අමාරු වෙලා ඉන්න කොට නස්ට කිඋවහම බලන්නෙත් නැතුව ඩොක්ටර් එනකන්න් ඉන්න කියල අහක බලාගෙන හිටියලු වෙලාවටම දන්නා කියන මිඩ් වයිෆ් කෙනෙක් ඉදල බලල ඉක්මනටම ලේබර් රූම් එකට ගෙනහින් තියෙන්නේ (දී)
මම කලින් ලියපු අදහස දාල නැති නිසා අයෙත් ලියනවා. චන්ද්‍රට අපේ රටට නිග්‍රහ කරලා තියෙන එකට යම් කණගාටුවක් තිබුනත් එයා පෙන්වල තියෙන කරණය ලංකාවේ සිදුවෙන දෙයක්. මේකට රටේ සමාජයත්, නීතියත්, පුද්ගලික ආකල්පත් හේතු වෙනවා. සමාජය වෙනස් වීමත්, ආර්ථික පීඩනයත් සමග විවාහය ප්‍රමාද වෙන සමාජයක ස්වභාවික අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වටපිටාව සමාජයෙනුත් නීතියෙනුත් නිර්මාණය විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන නීති ජනතාවට අවශ්‍ය විටක වෙනස් කරගැනීමට පුළුවන් විය යුතුයි. පවතින නීතිය ආරක්ෂා කිරීමත්, පවතින නීති මහජන විවේචනයට ලක් කර එම නීති සමාජ අවශ්‍යතාවන්ට අනුව මහජන මතය අනුව වෙනස් කර ගැනීමටත් හැකි විය යුතුයි. ප්‍රජාතන්ත්‍ර වාදය යනු මහජනයා විසින් මහජනයා පාලනය ක්‍රමවේදයක් වන අතර මහජන මතය, අවශ්‍යතා අනුව නීති වෙනස් විය යුතුයි. එවිට මිනිස් අවශ්‍යතා ඉටු කරගැනීමටත්, දරුවන් අවශ්‍ය, සූදානම් අයට දරුවන් ලබා ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. එවිට දරුවන් සම්පතක් ලෙස හැමෝම සලකයි. එහෙම නොවෙන තුරු දරුවන් වැසිකිලිවල කුණුගොඩවල ඉදීවි. (නදී)
කෝ ඔයා කියන පින්තූරය.(නදී)
මේ ලංකා ,කියන කෙනා වැදගත් විදියට කතා කරන්නවත් නොදන්නා කෙනෙක් .., මට පුදුම මේ අපේ කතෘ තුමා මොකද මේ වචන මේ විදියටම පල කරන්නේ කියල .. මේක වැදගත් පුවත් පතක් නේද..? මෙහි අදහස් ලියල සතුටක් විනෝදයක් ලබමු ..( ඉන් එහාට කිසිත් එපා )මගේ දයාබර සොයුරු,සොයුරියනේ අහන්න මේ වදන ....!! ඉතින් පොකුරු,පොකුරු යාළුවො අපි (නදී)
මම චන්ද්‍රාගෙන් ඇහුවම යන්නේ කොහෙද කියලා, එයා කියනවා මල්ලෙ පොල් කියලා (නි)
දරුවන් සම්පතක් ලෙසයි සියල්ලෝම සළකන්නේ. එහෙම නොවෙන තුරු දරුවන් වැසිකිළි වල කුණුගොඩවල් වල ඉදීවි. (නි)
ඒ අතින් අපේ රට ඉහලිනේ. පොඩි අඩුපාඩු ටිකක් තිබුනට සෞඛ්‍යය සේවය හොඳයි. (ස)
මෙතන ඉන්න මල්ලේ පොල් අය පේළියට සිටගන්න. එහෙත් වැඩක් නැහැ. මේ ගොල්ලන්ගේ මොළේ දියණු කරන්න තාම පාඩමක් හදලා නැහැ (නි)
චන්දි හොඳ ළමයෙක්. රූපවතී හින්දා නරක වෙනවා. (ස)
අපේ රටවල් වලට හරියන්නෙ නැත්තෙ ඉගෙන ගත් අයට මනුස්සකම නැති හින්දා තමයි (නි)
අපේ රටේ නම් ඕක ගණන් ගන්නේ වත් නැහැ. (නදී)
සරත් ආතාවුද දන්නේ නැද්ද අපේ ඇතැම් කාන්තාවන් තිඹිරි ගෙය කර ගන්නේ වැසිකිලිය එහිදී ලබා ගන්න දරුවා එය තුලටම දමා ගොස් කි දෙනෙක් අසු වී තියේද . කුණු වලවල් සහ වෙනත් තැන්. මම හිතන්නේ අපිට වඩා මෙම රටවල් උසස්ය කියා (අ)
දරුවෝ වැසිකිලි වලවල් වලට දන්නේ සෞක්‍ය සේවේ වරදකින්ද ?චන්ද්‍රාගේ මොලේ පරීක්ෂා කර ගත්තා නම් හොඳ නේද..(නදී)
මෙතන වරද හෙදියගේ නොවේද? (නි)
වරද රටේ නොව ජීවත්වන මනුෂ්‍යයින්ගේය (නි)
චන්ද්‍ර, ඒ රටේ වැදගත් රස්සාවක් කරන්නේ. (නි)
සෑම දරුවෙකුටම මවක් ඇත. සෑම දරුවෙකුටම රටක් ඇත.මවට ගරහන නරුමයා මවටත් රටටත් නැත...අහෝ...! (නි)
දරුවටයි,අම්මාටයි සියලු දෙවි පිහිටයි (නි)