ඇමෙරිකා නියමුවන් රහිත ඩ්‍රෝන යානා ඊයේ (24) එල්ල කළ මිසයිල ප‍්‍රහාර දෙකකින් තලේබාන් සටන්කාමීහු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් දස දෙනෙක් තුවාල ලැබූහ. ප‍්‍රහාරය එල්ල වූයේ වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ, ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාවේ පිහිටි හසෝකෙල් නමැති කුඩා නගරයේ තලේබාන් තිප්පොළකටය. හසෝකෙල් නගරය පිහිටා ඇත්තේ වසිරිස්තානයේ ප‍්‍රධාන නගරය වන මිරන්ෂා සිට කිලෝ මීටර් 25 ක් දුරිනි. ඇමෙරිකා ඩ්‍රෝන යානා එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශ තොරතුරු පාදක කරගනිමින්ය. ප‍්‍රහාරය සියයට සියයක්ම සාර්ථක වූ බව ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි. වයඹ දිග පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තාන ප‍්‍රදේශය තලේබාන් සටන්කාමීන්ගේ තෝතැන්නකි. හකානි නැමැති ඉස්ලාමීය සටන්කාමීන් සැඟව සිටින්නේ ද මෙම ප‍්‍රදේශයේය. ඇෆ්ගනිස්තානයේත් පාකිස්තානයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන තලේබාන් සටන්කාමීන්ට හකානි සටන්කාමීන්ගේ සහාය හිමිවේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd