
උතුරුදිග නයිජීරියාවේ ත්‍රස්තවාදීන් ඉලක්ක කරගෙන, නයිජීරියානු හමුදාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින්, එරට සිවිල් වැසියෝ 86 දෙනකු මියගොස් ඇතැයි නයිජීරියානු ජනාධිති බෝලා ටිනුබු පවසයි.
ඉස්ලාමීය ත්‍රස්තවාදීන් යැයි වරදවා, නයිජීරියානු හමුදාව, ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි සිවිල් වැසියන්ටය. මියගිය පිරිස අතරේ කාන්තාවන් සහ කුඩා දරුවන් ද සිටින බව මාධ්‍ය වාර්තා කරයි.
‘එය වැරදීමක්. සමාව දෙන්න බැරි විදියේ වැරදීමක්. එය හරිම වේදනාවක්’ යැයි ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත. එම ‘වැරදීම’ සිදුවන්න ඇත්තේ කෙසේදැයි යන්න සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පසුගිය සති අන්තයේ සිදුවුණු එම ඩ්‍රෝන ප්‍රහාරයෙන්, සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ද පැවැසෙයි. රෝහල්ගත කළ එම තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම නොකඩවා සිදුවෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd