IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ඩ්‍රෝන ප‍්‍රහාරය සාර්ථකයි: තලේබාන් නායකයා මරුට

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ තලේබාන් සටන්කාමීන් ඉලක්ක කරගනිමින්, ඇෆ්ගනිස්තානයේ සිටින තම හමුදාව පෙරේදා (29) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පාකිස්තාන තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායක වලියූර් රෙහ්මාන් මියගිය බවත් එම ප‍්‍රහාරය ඉතා සාර්ථක වූ බවත් ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකාව මේ බව කියා සිටියේ පාකිස්තානයෙන් එල්ල වූ චෝදනාවකට ප‍්‍රතිචාර දක්වමිනි. ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී පාකිස්තාන රජයෙන් ඊට එරෙහිව දෝෂාරෝපණ රැසක් එල්ල විය.


පාකිස්තානය කීවේ ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් සය දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් සිව් දෙනකු තුවාල ලැබූ බවත්ය.
එම ඩ්‍රෝන යානා ප‍්‍රහාරය එල්ල වූයේ උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නුවර අසල පිහිටි ගම්මානයකටය. ඇමෙරිකන් හමුදාව එම ප‍්‍රහාරය එල්ල කළේ බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු ද පාදක කර ගනිමිනි.


ඇමෙරිකාව එම ප‍්‍රහාරය එල්ල කළේ, පාකිස්තානයේ මීළඟ අගමැති ලෙස දිව්රුම් දීහමට නියමිතව සිටින මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායක නවාස් ෂරීෆ්, ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කරන ප‍්‍රහාර වහා නවත්වන්නැයි ඇමෙරිකාවට බල කර සිටින අවස්ථාවකදීය.
නවාස් ෂරීෆ් උත්සහ ගන්නේ පාකිස්තාන තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පවත්වා පවතින අර්බුදයට විසඳුමක් සෙවීමටය. සාම සාකච්ජා සඳහා තලේබාන් සංවිධානය ද කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.



අදහස් (0)

ඩ්‍රෝන ප‍්‍රහාරය සාර්ථකයි: තලේබාන් නායකයා මරුට

මුරුගන් Friday, 31 May 2013 11:56 AM

ඔහොම එක එක ද්‍රෝන වලින් ගහ ගහ ඉන්නේ නැතිව නරකද පරමාණුවක් ගහලා දැම්මොත්..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 920 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site