සිරියාවේ ඩමැස්කස් නුවර විශ්ව විද්‍යාලයට ඊයේ (29) එල්ල වූ මෝටාර් ප‍්‍රහාරවලින් සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 30 කි.
ප‍්‍රහාරය එල්ල කළේ කැරැුලිකරුවන් බවත් එය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවත් සිරියා රජය පවසයි.
සිරියානු රජයේ සානා පුවත් සේවය වාර්තා කළේ ප‍්‍රහාරයෙන් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවය.
වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හේතුවෙන් හට ගත් සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 70,000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින එම කැරැලිකරුවන් හෝ ඔවුන් නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම් හෝ එම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් බාරගෙන නැත.
එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගත් කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවූ සන්ධානය නමැති ජාතික පාලක මණ්ඩලය කටාර් රාජ්‍යයේ දෝහාහි තානාපති කාර්යාලයක් පිහිටුවූ අවස්ථාවේදීය.
සිරියානු විපක්ෂ සන්ධානය විදේශයක තානාපති කාර්යාලයක් පිහිටුවූ පළමු අවස්ථාව මෙයයි. විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලය සිරියානු ජනතාවගේ සැබෑ හඬ යැයි අරාබි ලීගය පිළිගෙන ඇති අතර පසුගියදා දෝහාහි පැවැති අරාබි ලීග සමුළුවට ද සහභාගී වූයේ එම විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලයේ නියෝජිතයන්ය.
මේ අතර සිරියානු අර්බුදය හේතුවෙන් මිලියන 1.2 ක පිරිසක් සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලාගොස් ඇති බවත් එම සංඛ්‍යාව තව තවත් වැඩි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩමැස්කස් සරසවියට මෝටාර් ප‍්‍රහාරයක්: සිසුහු 15 ක් මරුට
ගාමිණී Saturday, 30 March 2013 09:15 PM
අපරාදේ අහිංසක ජීවිත! (නි)
බෙන් ටෙන් Sunday, 31 March 2013 01:39 PM
මේකත් කාගේ හරි සේනාවක වැඩක් වෙන්න ඇති. (නි)