සිරියාවේ ඩමැස්කස් නුවර විශ්ව විද්‍යාලයට ඊයේ (29) එල්ල වූ මෝටාර් ප‍්‍රහාරවලින් සිසුන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 30 කි.
ප‍්‍රහාරය එල්ල කළේ කැරැුලිකරුවන් බවත් එය ත‍්‍රස්තවාදී කි‍්‍රයාවක් බවත් සිරියා රජය පවසයි.
සිරියානු රජයේ සානා පුවත් සේවය වාර්තා කළේ ප‍්‍රහාරයෙන් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවය.
වසර දෙකක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය හේතුවෙන් හට ගත් සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 70,000 ඉක්මවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගෙන සිටින එම කැරැලිකරුවන් හෝ ඔවුන් නියෝජනය කරන විපක්ෂ කණ්ඩායම් හෝ එම ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් බාරගෙන නැත.
එම ප‍්‍රහාරය එල්ල වූයේ සිරියානු රජයට එරෙහිව ආයුධ අතට ගත් කැරැලිකරුවන් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවූ සන්ධානය නමැති ජාතික පාලක මණ්ඩලය කටාර් රාජ්‍යයේ දෝහාහි තානාපති කාර්යාලයක් පිහිටුවූ අවස්ථාවේදීය.
සිරියානු විපක්ෂ සන්ධානය විදේශයක තානාපති කාර්යාලයක් පිහිටුවූ පළමු අවස්ථාව මෙයයි. විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලය සිරියානු ජනතාවගේ සැබෑ හඬ යැයි අරාබි ලීගය පිළිගෙන ඇති අතර පසුගියදා දෝහාහි පැවැති අරාබි ලීග සමුළුවට ද සහභාගී වූයේ එම විපක්ෂ සන්ධාන පාලක මණ්ඩලයේ නියෝජිතයන්ය.
මේ අතර සිරියානු අර්බුදය හේතුවෙන් මිලියන 1.2 ක පිරිසක් සරණාගතයන් ලෙස අසල්වැසි රටවලට පලාගොස් ඇති බවත් එම සංඛ්‍යාව තව තවත් වැඩි වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ අහිංසක ජීවිත! (නි)
මේකත් කාගේ හරි සේනාවක වැඩක් වෙන්න ඇති. (නි)