ඩුබායි පොලිසිය තම පොලිස් රථ බළඇණියට ලැම්බෝර්ගිනි මෝටර් රථයක්ද ඇතුළත් කරගෙන ඇත.
ලැම්බෝර්ගිනි සමාගමේ නවතම එළිදැක්වීමක් වන මේ ‘ඇවැන්ටඩෝර්‘ වර්ගයේ මෝටර් රථය පවුම් 300,000 ක් (රුපියල් 57900000) පමණ මිල වේ. තත්පර 3 කදී පැයට සැතැපුම් 0 සිට පැයට සැතැපුම් 60 දක්වා වන වේගයක් අත්කර ගත හැකි මේ මෝටර් රථයේ උපරිම වේගය ලෙස සදහන් වනුයේ පැයට සැතැපුම් 217 කි.
මේ වර්ගයට අයත් තවත් මෝටර් රථ පොලිස් සේවයට එක්කර ගැනීමට සැළැසුම් කර ඇතැයි ඩුබායි පොලිසිය කියයි.මේ මෝටර් රථ අධිවේගී මාර්ගයන්හි සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඩුබායි පොලීසියටත් ලැම්බෝගිනියක්
ටෙෂාන් Saturday, 13 April 2013 02:55 AM
තෙලේ බලේ තමයි. ලංකාවේ අපට නම් ෆූට් බයික් එකක් වුණත් වටිනවා. (නි)
පාලිත Thursday, 11 April 2013 10:48 PM
ලංකාවට ලැම්බෝගිනි ගෙන්නන්න සල්ලි කොහෙන්ද ? (නි)
රූමි Thursday, 11 April 2013 12:52 PM
මම නම් තාම එහෙම එකක් දැක්කේ නැහැ. නමුත් ඩුබායි පොලිසිය පාවිච්චි කරන්නේ ඔක්කොම බී.එම්. ඩබ්. වාහන. (ස)
අමිල Thursday, 11 April 2013 11:56 PM
රූමි, ඔයා ප්‍රවෘත්ති බලන්නේ නැද්ද ? https://www.facebook.com/media/set/?set=a.579763852042671.1073741865.136509933034734 (නි)
ලලිත් Friday, 12 April 2013 03:45 AM
ඩුබායි පොලිසි වලට ලැම්බෝගිනි... අපේ පොලිසි වල ජීප් එකක්වත් හරියට නැහැ. (නි)
රනා Thursday, 11 April 2013 01:51 PM
අපිටත් තියනවා බඩේගිනි.. ඇඩෙනවා හලෝ... (ස)
කමල් Thursday, 11 April 2013 03:22 PM
නියමයි. (නි)
ඉන්දික- බහරේන් Thursday, 11 April 2013 04:21 PM
අපේ රටේ හැමදේම වෙන්නේ කොමිස් වලට. අපි කවදද ඔලුව උස්සන්නේ? (නි)