
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා හා උප ජනාධිපතිවරයා වන ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් ලබාගෙන ඇත.
ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අගනුවර පාලකයා ද වේ. මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිලධාරීන් කිහිපදෙනකු පරීක්ෂණ මට්ටමේ පැවැති එන්නත් ලබාගෙන තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වනවිට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා සොයාගන්නා ලද එන්නත් සංවර්ධනය කරමින් සිටින අතර එන්නත් දෙකක් මේ වනවිට සායනික මට්ටමේ පරීක්ෂණ සඳහා යොමු කර ඇත.
ඉන් එකක් චීනයේ දැවැන්ත ඖෂධ සමාගමක් වන සිනෝෆාම් හි නිෂ්පාදිත එන්නතක් වන අතර අනෙක රුසියාවේ නිෂ්පාදිත එන්නතකි. රුසියාවේ නිෂ්පාදිත එම එන්නත ස්පුට්නික්-V යනුවෙන් නම් කර ඇත. ස්පුට්නික්-V යනු සෝවියට් සමයේ චන්ද්‍රිකාවකට යෙදූ නමකි.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
39
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඩුබායි පාලකයා කොරෝනා මර්දන එන්නතක් ලබාගනී