බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇඟලූම් කම්හලක ඊයේ (25) හටගත් ගින්නකින් 104 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ගින්නට හසුවී පිළිස්සී තුවාල ලැබීමෙන් සහ දුම් ආඝ‍්‍රාණය වීමෙන් රෝහල් ගත කළ ගණන ද 100 කට වැඩිය.
ගින්න හටගත්තේ ඩකා නුවරට කිලෝමීටර 30ක් ඔබ්බෙන් පිහිටි තස්රීන් ෆැෂන් නමැති මහල් නවයකින් යුත් ඇගලූම් කම්හලක බිම් මහලෙනි. එය වේගයෙන් ඉහළට පැතිරී යෑමත් සමඟ ඉහළ මහලවල සිටි සේවක සේවිකාවෝ ගින්නට කොටු වූහ.
මියගිය පිරිසෙන් ඇතැමුන් ගින්නෙන් බේරීමට ඉහළ මහල්වල සිට බිමට පැන ඇතැයි පොලිසිය පවසයි.
පිළිස්සුම් තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඩකා රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධියට හේතුව සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බව පැවසූ ඇඟලූම් කම්හලේ හිමිකරු කම්හල් පරිශ‍්‍රය අනාරක්ෂිත බවට එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදා භටයන්ට පැය පහක් ගත වී ඇත. ගින්නට හේතුව කුමක්දැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටු දායක පුවතක්
කනගාටුයි...කනගාටුයි...
බුද්ධාගම වනසන්න හදන අයට මෙහෙම තමයි වෙන්නේ (ස)
104ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් (දී)
නිවන් සුව පතනවා මිය ගිය සැමදෙනාටම (දී)
මොකද්ද ඒ ගින්නට හේතුව
මට ගොඩාක් දුකයි
මිය ගිය සියල්ලන්ටම නිවන් සුව
මොහොමඩ් ,බුදු පිළිම කැඩුවහම ඔහොම වෙනවා... (ස)
ඇයි ඒතකොට ලංකාවේ නිධාන ගන්න කඩපු බුදුපිළිම නායක ස්වාමින් වහන්සේලාව ඝාතනය කරපුවා මතක නැද්ද? (ස)
ලංකාව් කි දෙනෙක් අහු වෙලාද (දී)
පව් අප්පා ඒ මිනිස්සු (දී)
කනගාටුයි
බංගලාදේශයේ හැමදාම ඇගලුම් කම්හල් ගිනි ගන්නව තමයි..බුදු පිලිම කඩන්න ඉස්සෙල්ලත් ගිනි ගත්ත තමයි..ඔය පිලිම කැඩුවට ඔහොම ගිනිගන්නවනම් මොනවද කරන්න බැරි... (ස)
මොහොමඩ්, බුදු පිළිම නෙමෙයි, ඕනෑම ආගමක් විනාශ කරන්න හැදුවොත් කාට වුණත් දඩුවම් ලැබෙනවා. (නි)
මෙයාලට පිස්සු (ස)
බේරා ගන්න අවස්තාවක් තිබ්බේ නැද්ද (දී)
ඒ මිනිස්සු මොන දුකක් විදින්න ඇතිද බේරෙන්න (දී)
නිවන් සුව ලැබේවා ඔබලාට (දී)
ඔන්න බුදු පිළිම කඩන රටේ වෙන දේවල්. මොනවා උනත් අසරණ සේවකයින්ට නිවන් සැප ලැබේවා (ස)
මධූ, අන්න කච්චේරිය ගිනිගන්නවා. හේතුව කියන්නකෝ බලන්න. (නි)