
ඉරාන යුද්ධය මුල්කොට ගනිමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් යෝජනාව ඇමෙරිකන් සනෙට් මණ්ඩලය හමුවේ පරාජය විය.
ට්‍රම්ප්ගේ යුද බලතල සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එම බලතල කප්පාදු කළ යුතු යැයි යෝජනා කළේ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයයි. ඩිමොක්රටික් පක්ෂයේ යෝජනාව, ඡන්ද 53-47ක් ලෙස පරාජයට පත් විය.
ට්‍රම්ප් ඉරානයට පහර දෙන්නේ කොංග්රස් මණ්ඩලයේ (ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඔහුට හිමි බලතල අනුවය. ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය උත්සාහ ගත්තේ එම බලතල කප්පාදු කිරීමටය.
යෝජනාව සම්මත වූයේ නම්, කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානය තුළ සිදුකරන ඇමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට ට්‍රම්ප්ට සිදුවනු ඇතැයි පැවැසෙයි.
ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් තර්ක කරන්නේ ජනාධිපති ට්‍රම්ප් කොංග්රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) නොසලකා හැර ඇති බවත්, යුද්ධය සඳහා විවිධ අවස්ථාවල පරස්පර හේතු ඉදිරිපත් කර ඇති බවත්ය.
ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන් ප්‍රතිවාදීන්ගේ මෙම යෝජනාව අවහිර කිරීමට එක් වී කටයුතු කළ නමුත්, ට්‍රම්පට විරෝධය පළ කරමින් ඩිමොක්රටික්වරුන්ට සහාය දැක්වූ රිපබ්ලිකන්වරු ද වෙති.
ඉරානයට එරෙහිව ඇමෙරිකන් ජනාධිපතිවරයා අනුගමනය කළ හමුදා ක්‍රියා මාර්ගය ඉදිරියේ දී තව තවත් උත්සන්න වුවහොත්, ට්‍රම්ප්ට පක්ෂ රිපබ්ලිකන්වරුන්ගේ ස්ථාවරය පවා වෙනස් වීමට ඉඩ ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd