ලිබියාවේ ටි‍්‍රපොලි නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේ ආරක්ෂාව තර කිරීම පිණිස යුද නෞකා දෙකක් සමඟ විශේෂ බලකා සෙබළ කණ්ඩායමක් යැවූ බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පනස්දෙනකුගෙන් සමන්විත විශේෂ පුහුණුවක් ලැබූ භට කණ්ඩායමක් සහ යුද නෞකා දෙකක් යැවීමට ඇමෙරිකා රජය තීරණය කළේ ලිබියාවේ සිටි ඇමෙරිකා තානාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවය. එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිය අප‍්‍රසාදය පළ කරමින් ජනපති බැරැක් ඔබාමා අවධාරණය කළේ ලොව සෑම රටකම සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනම් පියවර ගන්නා බවය. ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශයත් සමඟ වහා කි‍්‍රයාත්මක වූ එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව ලිබියාවේ සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තර කිරීමේ පියවරක් ලෙස මෙසේ යුද නෞකා සහ භට පිරිස් යැවූ බව පෙන්ටගන් ප‍්‍රකාශක ජෝර්ජ් ලිට්ල් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
136
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටි‍්‍රපොලි නුවර ඇමෙරිකා තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාවට යුද නැව් දෙකක්
ලංකා Friday, 14 September 2012 09:45 AM
කල කල දේ පල පල දේ කිව්වලු බෝම්බ දාන වෙලාවේ දාන්න තිබ්බේ ඔය ඔක්කොම නැති වෙන්න .(ස)
සුරංග Friday, 14 September 2012 10:35 AM
තමන් චීන තානාපති කර්යාලයට බැග්ඩෑඩයේදී පහර දෙද්දි අත්වැරදීමකි. තමන් දුන් අයුධ වලින්ම තමන්ට වදින විට............(ස)