IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ටයිටැනික් සුන්බුන් බලන්න ගිය කුමුඳුව අතුරුදන්

කැනඩාවට ඔබ්බෙන් උතුරු අත්ලාන්තික් සාගරයේ, ගිලුණු  ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට, සාගර පතුළට ගිය කුඩා සබ්මැරීනයක් (කුමුඳුවක්) එහි නියමුවා සහ සංචාරකයන් සිවුදෙනා සමඟ අතුරුදන් විය.

කුමුඳුව අතුරුදන් වූයේ එය අකරතැබ්බකට මුහුණ දුන් නිසා යැයි සැක කෙරේ. කුමුඳුව සමඟ සබඳතා බිඳ වැටී ඇති අතර, එය අනතුරට පත් වුණු ස්ථානය නිවැරදිව දැන ගැනීමට ඇමෙරිකන් සහ කැනඩා වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුම් අරඹා තිබේ. ඒ සඳහා විශේෂ රේඩාර් සහිත ගුවන් යානා ද භාවිතයට ගැනෙයි.

අද (20) වනවිට ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ කුමුඳුවේ ඔක්සිජන් ඇත්තේ පැය 55 කට පමණක් බවය. ඒ අනුව, කුමුඳුව සොයා ගනිමින්, එහි සිටින පස්දෙනා බේරා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට වෙරළාරක්ෂකයන්ට සිදුවී ඇත.

1912 වසරේ ගිලුණු ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට සංචාරකයන් රැගෙන යෑම සිදුකරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ නමැති සමාගමය. අතමිටසරු නම්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දීමට කැමැති නම්, පවුම් 195,000 ක වැනි මුදලකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරැඹීමට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම අවස්ථාව උදා කර දෙයි.

සමාගමට අයත් ‘පෝලර් ප්‍රින්ස්’ නෞකාවෙන්, සුන්බුන් ඇති මුහුදු කලාපයට රැගෙන යන සංචාරකයන් අඩි 12,500 කු මුහුදු පතුළට ගෙන යෑම සිදු කරන්නේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා කුමුදුවෙනි. පසුගිය ඉරිදා (18) මුහුදු පතුළ බලා යද්දී අතුරුදන් වූයේ මෙම කුමුඳුවය.

කුමුඳුවේ නියමුවා පෝල් හෙන්රි නාර්ජියෝලේ ය. සාගර ගවේෂණය සම්බන්ධයෙන් අත්දැකීම් බහුල මොහු ප්‍රංශ ජාතිකයෙකි. ඔහුගේ සහායට ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ උපසභාපති ස්ටොකොන් රෂ් ද සිටී.

සංචාරකයන් ලෙස ගමනට එක් වූයේ ‘ඇක්ෂන් ඒවියේෂන්’ නමැති ගුවන් සමාගමේ සභාපති බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති හාමීෂ් හාඩින්, ‘එන්ග්‍රෝ’ සමාගමේ උප සභාපති ෂෙහ්සාද් ඩාවුඩ් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන්ය. පාකිස්තානයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනකු වන්නේ ෂෙහ්සාද් ඩාවුඞ් ය.

සම්මැරීන සම්බන්ධ විශේෂඥයන් බිය පළ කර ඇත්තේ ‘ටයිටන්’ කුමුඳුව අනතුරට පත් වී මුහුදු පතුළේ සිරවූවා නම් ඒ වෙත ගොස් එහි සිටින පිරිස බේරා ගැනීම ඉතාමත් අසීරු කාර්යයක් බවය. කුමුඳුව සමඟ සියලු සබඳතා බිඳ වැටී ඇත්තේ එය පැය 1 මිනිත්තු 45 ක් මුහුදු පතුළ බලා යද්දීය. ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත යෑමට ගත වන සම්පූර්ණ කාලය පැය 2 ක් බව ද පැවැසෙයි.



අදහස් (0)

ටයිටැනික් සුන්බුන් බලන්න ගිය කුමුඳුව අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 437 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 126 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 804 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site